hit counter

2025 සැප්‍තැම්‍බර් මස 17 වන බදාදා

2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 10:43



ඊශ්‍රායලය ගාසා තීරයෙහි සිදුකරන ක්‍රියාවන් පලස්තීන ජනතාවට එරෙහිව කෙරෙන වර්ග සංහාරයන් ලෙස සැලකිය හැකි යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය​ විසින් පත් කරන ලද විමර්ශන කොමිසමක් මගින් නිගමනය කර තිබෙනවා.

එම කොමිසමෙහි වාර්තාව අනුව කියැවෙන්නේ ඊශ්‍රායලය 2023 ඔක්තෝබර් 7 වනදා සිට වර්ග සංහාරක යැයි සැලකිය හැකි ක්‍රියා හතරක් සිදුකරන බවයි. ඒ අතර චේතාන්විතව ශාරීරික හෝ මානසික හානි සිදුකිරීම​, සමූහයක් ලෙස එම ජන කොට්ඨාශයෙහි ජීවිත විනාශ කරන ආකාරයේ තත්ත්වයන් ඇති කිරීම සහ එම ජන කොට්ඨාශයෙහි උපත් ප්‍රමාණය අඩු කිරීමට කටයුතු කිරීම ආදී කරුණු වනවා.

ගාසා තීරයේ සිදුවන ප්‍රහාරවලින් 65,000 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එයින් වැඩි පිරිස ළමුන් සහ කාන්තාවන් බවයි ඔවුන් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් තමන් කටයුතු කරන්නේ තම ආරක්ෂාව වෙනුවෙන් බව කියා සිටින ඊශ්‍රායලය තමන් ජාත්‍යන්තර නීතිය අනුව කටයුතු කරන බව ද පවසා සිටිනවා.