hit counter

2025 සැප්‍තැම්‍බර් මස 19 වන සිකුරාදා

2025 සැප්‍තැම්‍බර් 19, ප.ව. 6:45



ජාතික ක්‍රිකට් කණ්ඩායම් නවක ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ගේ පියා වන සුරංග වෙල්ලාලගේ මියගොස් ඇත්තේ දීර්ඝ කාලීන රෝගී තත්ත්වයක් සහ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් බව මොරටුව හදිසි මරණ පරීක්ෂක කවිඳු පීරිස් පවසනවා.

පානදුර මූලික රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිළධාරී වෛද්‍ය මුදිත කුඩාගම විසින් කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඒ බව දන්වා ඇතැයි කවිඳු පීරිස් සඳහන් කරනවා.

දිගුකාලීනව අධික රුධිර පීඩන රෝගී තත්ත්වය මත ප්‍රතිකාර ලබාගෙන ඇති බවද, ඔහු නරඹමින් සිටී ක්‍රිකට් තරඟය මරණයට හේතුවූ බවට පවුලේ සාක්ෂිවලින් අනාවරණය නොවන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

මොරටුව,  ෆ්‍රැන්සිස්කු පෙදෙසේ පදිංචිව සිටි සුරංග වෙල්ලාලගේද දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

ඊයේ (19) රාත්‍රියේ පැවති ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ක්‍රිකට් තරගය රූපවාහිනියෙන් නරඹමින් සිටියදී වතුර වීදුරුවක් පානය කිරීමට නැගිට යාමේදී ඔහු හදිසියේ පපුව අල්ලාගෙන දණ ගසාගෙන බිම  වාඩිවී ඇති අතර, බිරිඳ විසින් පානදුර මූලික රෝහලට රැගෙන විත් තිබුණා .

පානදුර රෝහලට ඇතුළත් කරන විටත් සුරංග වෙල්ලාලගේ මහතා මියගොස් සිට ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

මෘතදේහය දේහය සම්න්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සහ හදිසි මරණ පරීක්ෂණය පානදුර මූලික රෝහලේදී සිදුකළ අතර, රෝහල් පරිශ්‍රය තුළ පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් විශාල පිරිසක් රැස්ව සිටියා.

මියගොස් ඇති සුරංග වෙල්ලාලගේ ගේ ආදරණීය බිරිඳ හර්ෂණී කාංචනා වෙල්ලාලගේ ගෙන් පොලිසිය සහ හදිසි මරණ පරීක්ෂකවරයා සාක්ෂි සටහන් කරගත් අතර සංචාරය අතරතුර පියාගේ වියෝවෙන් පසු මෙරටට පැමිණි දුනිත් වෙල්ලාලගේ ද පරීක්ෂණ සිදුකරන ස්ථානයට පැමිණ සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: