hit counter

2025 සැප්‍තැම්‍බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:09



නිර්මාණ පමණක් ම නොව, තම ලෙයින් පුංචි අංකුර කලාවේ පැළ කළ අපූරු කලාකරුවෙකි ‘සුනිල් සිරිවර්ධන’

ඔහු කලාවට සිය ලෙයින් දායාද කළ වස්තූන්, අද කලාවේ අතු විහිදා වැඩෙන අපූරුව,,, සියැසින් දකින්නට ඔහු සිටියා නම් යන්න රසික සමූහයාටත් වඩාත් දැනෙන බව විශ්වාසයි.

ලාංකේය කලාව තුළ සුනිල් සිරිවර්ධන නාමය සංගීත ගුරුවරයෙක්, ප්‍රවීණ ගායන ශිල්පියෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙක් සේ ම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් ලෙස ද ප්‍රකටය.

ඔහු අද අප අතර නොවුණ ද ඔහුගේ උරුමය අරන් යන අපූරු පුත්‍ර රත්නයන් කලාවට සක්‍රීයව දායකව සිටියි.

ඉන් මේ දිනවල වඩාත් කතාබහට ලක්වන ඔහු, ජනප්‍රිය රංගන ශිල්පි ධනංජය සිරිවර්ධනයි.

ඊයේ (22) දිනයට යෙදුණු පියාගේ ජන්ම සංවත්සරය වෙනුවෙන් ධනංජය සිරිවර්ධන තබන ලද අපූරු සටහනයි මේ…

”රඟපාන්න බැරි මාව නළුවෙක් කරන්න තාත්තට ඕනෙ උනේ නෑ.. ඒත් මම හොඳ කලාකාරයෙක් වෙනව දකින්න තාත්තා ආසාවෙන් හිටියා.

තාත්තා අද හිටියනම් එයාගේ උපන්දිනය නිසා විතරක් නෙවෙයි. මගේ රංගන ජීවිතය ගැනත් එයා ගොඩක් සතුටු වෙයි.

තාත්තාගේ නේත්‍රාංජලී ටෙලිනාට්‍යයයේ මම මුලින්ම රඟපෑවේ.

රඟපෑවා කිව්වට පෙනී සිටියා පමණයි. ඒ තරමට ඒ රංගනය අසාර්ථකයි. ඒ නිසාම තාත්තට ක්ෂේත්‍රයේ කීපදෙනෙක් (ගොඩක් නෙවෙයි) hint pass කරල තිබ්බා රඟපාන්ඩ බැරි උනත් පුතාට අවස්ථාව දෙනවනේ කියලා..

ඒ නිසා මට ඇත්තටම ඕන වුණේ හොඳ රංගනයක් කරලා මේ ක්ෂේත්‍රයෙන් සමුගන්න.

රඟපෑම කියන්නෙ මොකද්ද කියලා හොයාගෙන යන අතරේ අශෝක හඳගමගේ මේ පාරෙන් එන්න රඟපාලා සම්මානයක් දිනා ගත්තහම අපේ තාත්තා සතුටු වුණේ ඒ නිසා වෙන්න ඇති.

කොහොම වුණත් ඉරගිණි මද්දහනේනේ බණ්ඩාරව… ගෞතම බුද්ධ මාතා ආනන්ද හාමුදුරුවන්ව .. mother lanka සත්‍යාව.. තාත්තා දැකලා නැහැ.

රඟපාන්න බැරවුනත් මාව මුලින්ම කැමරාවක් ඉදිරියේ කලාකාරයෙක් කරන්ඩ උත්සාහ කරේ තාත්තා. මට රඟපාන්න බැරි වෙනකොට ලොකුම අපහසුතාවයට පත් වෙන්න ඇත්තෙත් තාත්තා.

අධ්‍යක්ෂණය කරන්නේ කොහොමද කියලා මට මුලින්ම කියාලා දුන්නෙ තාත්තා. චිත්‍ර අඳින්නෙ කොහොමද කියලා කියලා දුන්නෙ තාත්තා.

මට සිංදු කියන්න බැරි වුණත් ස්වර හත හරියටම මං ඇහුවෙ තාත්තගෙන්. තාත්තාගේ හඬින් රාගධාරී සංගීතය පුංචි කාලෙ ඉඳන් ඇහුණු කෙනෙක් හැටියට මට අදටත් සින්දු කියන්න බය ඒකයි.

ඒත් මං හිතනවා මාව අද කලාකාරයෙක් හැටියට මිනිස්සු පිළිගන්නවා කියලා.

ඒත් අද මං ගැන හිතලා සතුටු වෙන්නෙ තාත්තා මං ළඟ නෑ.

ඒත් මං මේ තරමින් හරි රඟපාන්නේ.. host කරන්නේ .. අධ්‍යක්ෂණය කරන්නේ.. රචනය කරන්නේ.. තාත්තාගෙන් හා අම්මාගෙන් ලැබුණු ජානමය තෑග්ග මං ලග තිබ්බ නිසා වෙන්න ඇති.

ඉතින් තාත්තේ අද සුනිල් සිරිවර්ධන කියන්නේ මතකයක් විතරයි . social media තිබ්බේ නැති යුගයක් නිසා තාත්තව අපේ රටේ මිනිස්සු, විශේෂයෙන්ම දැන් ඉන්න පරම්පරාව අඳුනන්නේ නැහැ.

ඒත් තාත්තා සංගීත ගුරුවරයෙක් හැටියට..

විශාරද ගායකයෙක් හැටියට

සංගීත අධ්‍යක්ෂකවරයෙක් හැටියට..

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් හැටියට..

ලංකාවේ මුල්ම music video කරපු අධ්‍යක්ෂකවරයා හැටියට..

චිත්‍ර ශිල්පියෙකුගේ, ගායකයෙකුගේ, නළුවෙක්ගේ තාත්තා හැටියට දන්න අය දන්නවා.

හැමදාමත් කියනවා වගේ තාත්තා තමයි අපේ සමනල කන්ද.

තාත්තා කෙනෙකුගේ ආදරය අම්මා කෙනෙකුගේ ආදරයට වඩා වෙනස්.

සුභ උපන්දිනයක් කියන්න තාත්තා ළඟ නැතත්..

සසර ගමනේ අපි ආයේ හමුවේවි..

තාත්තා තමයි මට මට කියල දුන්නෙ

සසල නදියක උපත

නිසල කදු බව.

සුනිල් සිරිවර්ධන ජන්ම දිනය

2025/9/22″





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: