2025 සැප්‍තැම්‍බර් 24, ප.ව. 2:07
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට පැමිණි ඩොනල්ඩ් ට්‍රම්ප් ගමන්ගත් එස්කැලේටරයක් ඔහු සහ ඔහුගේ බිරිඳ මෙලානියා ට්‍රම්ප් සිටියදීම මග නැවතීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රභූ ආරක්ෂක සේවය (US Secret Service) විසින් පරීක්ෂණයක් පවත්වනු ලබන්නේ යැයි වාර්තා වනවා.
මෙම සිද්ධිය කිසියම් අයකු විසින් ඕනෑකමින් කරන ලද්දක් යැයි ට්‍රම්ප් පාර්ශවයෙන් සැක මතු කිරීම ඊට හේතුවයි.
කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ මෙම සිද්ධිය ට්‍රම්ප්ගේ කණ්ඩායමේම අයකු අතින් සිදුවූවක් බවයි.
එස්කැලේටරයේ ආරක්ෂක යාන්ත්‍රණයක් ඇති බවත් ට්‍රම්ප්ගේ වීඩියෝ කණ්ඩායමේ අයෙක් ඔහුට ඉදිරියෙන් ගමන් කරමින් සිටියදී අත්වැරදීමෙන් එම ආරක්ෂක යාන්ත්‍රණය ක්‍රියාත්මක කර ඇති බව පෙනෙන්නට තිබෙන බවත් එම ප්‍රකාශකයා සඳහන් කර තිබුණා.
මේ අතර ට්‍රම්ප් මහා මණ්ඩලය අමතන අතරවාරයේ ටෙලිප්‍රොම්ප්ටරය ද ක්‍රියා විරහිත වී තිබුණා. ට්‍රම්ප් ඒ පිළිබඳව මෙන්ම එස්කැලේටරය ක්‍රියා විරහිත වීම පිළිබඳව ද මැසිවිලි නැගුවා. නමුත් එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන පරිදි ට්‍රම්ප්ගේ කතාව අවස්ථාවේ ටෙලිප්‍රොම්ප්ටරය ක්‍රියාත්මක කර ඇත්තේ ද ධවල මන්දිර නිලධාරීන් විසිනුයි.
2025 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 9:24
2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 11:35
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 6:52
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 10:59
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 10:43