2025 සැප්තැම්බර් 25, පෙ.ව. 11:14
ඇල්ල-වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් අනතුරේදී සිදු කළ ගලවා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් එල්ල වූ විවේචනවලට ප්‍රතිචාර දක්වමින් කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ෆේස්බුක් සටහනක් තබා තිබේ.
අනතුර සිදුවූ ස්ථානයේ සිට තුවාලකරුවන් රැගෙන ඒම නීති විරෝධී බවට ඇතැම් මාධ්‍යවේදීන් එල්ල කරන චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් වෛද්‍ය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ, ඔවුන් දිවි නොතකා එම මෙහෙයුම සිදු කළේ මනුෂ්‍යත්වය පෙරදැරිව බවයි.
“අපි දිවි නොතකා ඔවුන් රැක්කෙමු… කැලෑවේ තැන් තැන්වල අතපය කඩාගෙන, ලේ පෙරාගෙන මහ කළුවරේ වැටී සිටි ඔවුනට ජීවිතය දුන්නෙමු. එය පරිපූර්ණ නෛතික ක්‍රියාත්මක වීමක්” බව ඔහු සිය සටහනෙහි සඳහන් කරයි.
එමෙන්ම, මෙවැනි විවේචන එල්ල කරන මාධ්‍යවේදීන් “නීච සහ නිහීන මාධ්‍ය කලාවේ නියෝජනයක්” බවට පත් වී ඇති බවට ද ඔහු චෝදනා කරයි. සිදුවීම පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිව ප්‍රචාරය කරන දේවල් තුළින් ගලවා ගැනීමේ මෙහෙයුමට සහභාගී වූ කණ්ඩායම් අපහසුතාවට පත් කිරීමට උත්සාහ දරන බව ද ඔහු පෙන්වා දෙයි.
“අපි මේ සියල්ල කරන්නේ සෝමාලියානු මට්ටමේ පහසුකම් සහිතව මිස සිංගප්පූරු පහසුකම් සහිතව නොව” යනුවෙන්ද වෛද්‍ය රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටී. මෙවැනි අභියෝගාත්මක තත්ත්වයන් යටතේ වුවද, ඔවුන් තම යුතුකම ඉටු කළේ මිනිස් ජීවිත බේරා ගැනීමේ එකම අරමුණින් බව ඔහු අවධාරණය කරයි.
වෛද්‍ය පාලිත රාජපක්ෂ තැබූ සටහන පහතින්
වතුර අලවිස් ..
විලි සංගේ නැතිව..
මේ කියන්නේ මොකක්ද .
මේ ප්රශ්නය අහන්නේ මක් නිසාද .
කාගේ උවමනාටද??
ඔහුගෙ අරමුන කුමක්ද
නියතවම මේ හරහා ඔහු උත්සාහ කරන්නේ ඇල්ල අනතුරේදී අපේ ක්‍රියාත්මක වීම නිතියට පටහැනි බවට ජාතික රෝහලේ අඩ්ය්ක්ශක වරයාගෙන් වචනයක් එලියට අරගෙන අපිව පට්ට ගැසීමට,අමාරුවේ දැමිමට බව මොලයක් ඇති ඔනෑම කෙනෙකුට තේරෙනු ඇති ..
චතුර ඔබ ..
තුජ්ජ,නීච නිහින මාඩ්ය කලාවේ නියෝජනයක්
මිස..
සබුද්ධික මාධ්‍ය කරුවෙකු නොව ..
කැමරාවක් ඉදිරීයේ වහසි බස් දෙඩවීම ,නන් දෙඩවීම ,නොදන්නා අටමගල් කතාකිරීම, කරන්නේ..
උද්දච කමින් ඔලුව ඉදිමීම නිසා සහ තමන් කවුද යන්න ගැනවත් අවබෝධයක් නොමැති කම නිසාමිස අන් කිසිවක් නොව ..
අපි දිවි නොතකා ඔවුන් රැක්කෙමමු..
කැලෑවේ තැන්තැන්වල අතපය කඩාගෙන , ලේ පෙරාගෙන මහ කලුවරේ වැටි සිටි ඔවුනට ජීවිතය දුන්නෙමු..
එය පරිපූර්ණ නෛතික ක්‍රියාත්මක විමක්….
අඩුම තරමින් අවම සදාචාරය වත් තියාගෙන ඇරියස් කවර් කරන්න, හරිදේ හරියට දකින්න බැරි ඔබ වැන්නෙකු ගැන සටහනක් තැබීමට සිදුවීමම ලැජ්ජාවක්…එත් උත්තර දිය යුතුමය
.
ඔබ මෙවැනි අනතුරකට ලක්වුනේ නම් කටේ නරිවාදන් රෙද්ද් පල්ලෙන් බේරීගෙන අපි එනකල් බලාසිටිනු ඇත ..
( එසේ නොවේවායි පතමි..)
…නෛතික භාවය කුමක් උවත් මා එතනට පැමිනෙමි..
..මන්ද අපි මනුෂ්‍යත්වය අදහන්නන් නිසාවෙනි..
අපි මේ සියල්ල කරන්නේ සෝමාලියානු මට්ටමේ පහසුකම් සහිතව මිස සිංගප්පූරු පහසුකම් සහිතව නොව ….
.අහෝ චතුර.. නොදුටු මොක්පුර
.කට තියෙන හැමෝටම මොලයක් නැතිබව සහතිකවම දැනගත්තේ ඔබගෙනි..ස්තුතියි එකට..
…..වෛද්‍ය පාලිත රාජපක්ෂ .
2025 සැප්තැම්බර් 25, පෙ.ව. 10:59
2025 සැප්තැම්බර් 25, පෙ.ව. 12:08
2025 සැප්තැම්බර් 25, පෙ.ව. 12:02
2025 සැප්තැම්බර් 24, ප.ව. 1:07
2025 සැප්තැම්බර් 24, පෙ.ව. 12:09
25-09-25
25-09-25
25-09-25
25-09-25
25-09-25
25-09-25
25-09-25
25-09-25
25-09-25
25-09-25
25-09-25
25-09-25
25-09-25
25-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25