2025 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 9:24
ඊයේ තමිල්නාඩුවේ පැවති තලපති විජේගේ දේශපාලන රැළියක් අවස්ථාවේ ඇතිවූ තෙරපීමකින් මියගිය සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.
එමෙන්ම පනහකට වැඩි පිරිසක් තුවාල ලද බව ද වාර්තා වී තිබුණා.
කරූර් දිස්ත්‍රික්කයේ පැවති මෙම රැළියට බලාපොරොත්තු වූවාට වැඩි පිරිසක් පැමිණීමත් තලපතිගේ ප්‍රමාදයත් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවූ බවයි සඳහන් වූයේ.
අනතුරෙන් තුවාල ලද පිරිස හමුවීමට තමිල්නාඩු මහ ඇමති MK ස්ටාලින් ද පැමිණියා. ඔහු සඳහන් කළේ මෙතරම් දරුණු අනතුරක් දේශපාලන රැළියකදී මෙතෙක් සිදුව නැති බවයි.
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ලබන වසරේ පැවැත්වීමට නියමිතයි. ප්‍රකට චිත්‍රපට නළු තලපති විජේ 2024 දී පිහිටුවාගත් තමිලාහ වෙට්රි කලහම් පක්ෂය මෙවර පළමු වරට මැතිවරණයට ඉදිරිපත් වනවා.
2025 සැප්‍තැම්‍බර් 24, ප.ව. 2:07
2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 11:35
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 6:52
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 10:59
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 10:43