2025 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 11:04
නව පරපුරේ සම්මානනීය ගායන ශිල්පිනියක් වන නුවන්ධිකා සේනාරත්න සිය ෆේස්බුක් පිටුවට වටිනා සේයා රුවක් එක්කර තිබුණා.
ඒ, ඇයට ඉන්දියානු ගායිකා ශ්‍රේයා ඝෝෂාල් (Shreya Ghoshal) මුණගැහුණු සේයාරුවකි.
ඉන්දියාවේදී අද ආරම්භ වන ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු තරගය සඳහා පිටියට පිවිසෙන කණ්ඩායම් වන්නේ, ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් ඉන්දියාවයි.
තරගයට පෙර පැවැත්වෙන සමාරම්භක අවස්ථාවේදී, ශ්‍රී ලංකා ජාතික ගීය ගායනා කිරීමේ අවස්ථාව නුවන්ධිකා සේනාරතන්න හට හිමිව ඇති අතර ඒ වෙනුවෙන් කෙරෙන පුහුණුවීම් අතරතුර ඇයට මෙලෙස ශ්‍රේයා ඝෝෂාල් මුණගැසී තිබෙනවා.
එමෙන්ම ඇය ශ්‍රේයා ඝෝෂාල් සමඟින් එකම වේදිකාවක පුහුණුවීම් කිරීමට අවස්ථාව ලැබීමට තරම් වාසනාවන්තව තිබෙනවා.
මෙම සුවිශේෂී මොහොත පිළිබඳව නුවන්ධිකා මෙලෙස කෙටි සටහනක් ද තබා තිබුණා,
”මම ලෝකෙ වාසනාවන්තම පුද්ගලයා ලෙස හැඟෙනවා.
අද, ශ්‍රේයා ඝෝෂාල්ව මුණගැසීමේ ඇදහිය නොහැකි වාසනාව මට ලැබුණා.
මම හරිම වාසනාවන්තයි කියලා මට දැනෙනවා.
ඇය ගැන දැනගන්නත් කලින්ම, මම කුඩා කාලයේ පටන් ඇගේ කටහඬට මම ආදරය කළා.
එතැන් සිට මගේ ප්‍රියතම සහ මට හමුවූ දක්ෂතම ගායිකාව ඇයයි.
මගේ රට නියෝජනය කරමින් ඇය සමඟ එකම වේදිකාවක පුහුණුවීම් කිරීමට ලැබීම සැබවින්ම සිහිනයක් සැබෑවීමක්…”
I feel like the luckiest person on earth.
Today, I had the unimaginable fortune of meeting Shreya Ghoshal, and I feel so lucky.
I fell in love with her voice when I was little, long before I even knew what she looked like. I only loved her voice. Since then, she has been my favourite and the most talented singer I have ever come across.
To rehearse with her on the same stage for tomorrow’s big event, representing my beautiful little country, is truly a dream come true. This is such a monumental occasion that I have no words to express. Today, I feel like the luckiest person on earth.
2025 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 10:35
2025 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 12:01
2025 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 12:06
2025 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 12:02
30-09-25
30-09-25
30-09-25
30-09-25
30-09-25
30-09-25
30-09-25
30-09-25
30-09-25
30-09-25
30-09-25
30-09-25
30-09-25
30-09-25
30-09-25
30-09-25
30-09-25
30-09-25
29-09-25
29-09-25
29-09-25
29-09-25
29-09-25
29-09-25