hit counter

2025 ඔක්‍තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්‍තෝබර් 03, පෙ.ව. 12:01



වත්මන් රජයේ ‍දේශපාලන අධිකාරිය රටේ අපරාධකරුවන් සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැති නිසා රට තුල සිදුවන අපරාධ කඩිනමින් අවසන් කිරිමට රජය කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පැවසීය.

කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ ශ්‍රම වාසනා අරමුදල පිලිබදව රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් දැනුවත් කිරිම සදහා හැටන් කම්කරු දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ පැවති දැනුවත් කිරිමේ වැඩසටහනට එක් වෙමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙරටේ හිටපු පාලකයින් අපරාධකරුවන් සමග සෘජුවම සම්බන්ධකම් පැවැත්වූ නිසා රට තුල අපරාධ වැඩි වී ඇති බවයි එම අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරිමට රජය කටයුතු කරමින් සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු සමාගම්, වතු වෘත්තීය සමිති සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවත්, ඒ සියලු පාර්ශවයන්ගේ එකගතාවය මත වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරිමට පියවර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා තව දුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය, ශ්‍රම වාසනා අරමුදලේ සාමාන්‍යාධිකාරි ඩී.ආර්. ජයලත් මහතා ඇතුලු නිළධාරින් රැසක් සහභාගි විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: