hit counter

2026 ජූනි මස 10 වන බදාදා

2025 ඔක්‍තෝබර් 04, ප.ව. 12:15



2025 කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර තරගය අද සවස 3.00ට කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමු තරගයේදී ඉන්දියා කණ්ඩායම හමුවේ පරාජය විය.

උඩ පන්දු රැකීම හා පිතිකරණය ගැන ක්‍රීඩිකාවන් වැඩි අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු මාධ්‍ය හමුවේදී පවසා සිටියා.

ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව තරග ක්‍රීඩා ලෝලීන් නොමිලේ නැරඹිමේ අවස්ථාව පවතී.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙතෙක් කාන්තා එක්දින ක්‍රිකට් තරගයක් ජය ගෙන නොමැත.