hit counter

2025 ඔක්‍තෝබර් මස 10 වන සිකුරාදා

2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 8:33



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන ලද විසි වැදෑරුම් ගාසා සාම වැඩපිළිවෙලට හමාස් සංවිධානයේ සහ ඊශ්‍රායලයේ මූලික එකඟත්වය පළවී තිබෙනවා.

දැනට තමන් භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට හමාස් සංවිධානය එකඟ වූ අතර සිය හමුදා මෑතදී ඇරඹූ ගාසා නගරයේ ප්‍රහාරක මෙහෙයුමට පෙර සිටි තැනට ආපසු ගෙන ඒමට ඊශ්‍රායලය එකඟ වී තිබෙනවා. පලස්තීන රැඳවියන් පිරිසක් නිදහස් කිරීමට ද ඊශ්‍රායලය සූදානම් බව ප්‍රකාශ කර තිබෙනවා.

ට්‍රම්ප්ගේ වැඩපිළිවෙල යටතේ ගාසා තීරය මධ්‍යස්ථ පාලනයකට පත් කිරීමට නියමිත අතර ඊශ්‍රායල හමුදා වසරක් ඇතුලත සම්පූර්ණයෙන් එම ප්‍රදේශයෙන් ඉවත් විය යුතුයි.

මෙය වසර තුන් දහසක් පැරණි ප්‍රශ්නයකට ස්ථිරසාර විසඳුමක් ගෙනෙන වැඩපිළිවෙලක් බවයි ට්‍රම්ප් පවසන්නේ.