2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:10
කලා ක්ෂේත්‍රයේ අපි දකින යාළුකම් අතර, යාළුකමින් එහාට ගිය අපූරු සහෝදරත්වයක් විනූ – සෙනාලි දෙන්නගෙන් දැකගන්න පුළුවන්.
හොඳ යාළුවෙක් කියන්නෙම, අපිට අපේ ජීවිතවල අත්‍යාවශ්‍යම මොහොතක ළඟ රැඳෙන කෙනෙක්.
සෙනාලි කියන හැටියට, විනූ කියන්නෙ ඇයට එහෙම හොඳ යාළුවෙක්.
ඒ යාළුකම කොච්චර ආදරණීය ද කියනවා නම්, සෙනාලිට විනූව අම්මා කෙනෙක් හා සමානයි.
සෙනාලි සිය ජීවිතේ මුහුණ දුන්නු අභියෝගවලදි විනූ ළඟින්ම රැඳුණු කෙනෙක්.
ඒ බැඳීම ගැන ගෙවුණු දවසක සෙනාලි මෙයාකාරයෙන් වචන එකතු කරලා තිබුණා….
”මගේ ජීවිතේ අන්තිම අවුරුදු පහ ගත වෙච්ච විදිය සහ මම මුහුණපෑව දේවල් හැමෝම දන්නවා. ඒක ජීවිතේ හැටි.
කොවිඩ් කාලේ තාත්ති නැති වුණාම, මම කෑම බීම අතෑරලා හිටපු කාලයක්. කන්න හිතෙන්නෙ නෑ මට.
කොවිඩ් නිසා ගෙවල්වලට වෙලා ඉන්න සිද්ද වුණානෙ අපිට. එතකොට විනූට මාව බලන්න එන්න විදියකුත් නෑ. කර්ෆිව් නිසා පාරවල් වහලා යන්න එන්න විදියක් නෑ.
මම හිටියෙ ඥාති ගෙදරක. මෙයා එයාලගෙ ගෙදර.
මම එතකොට කන්නෙ නෑ. කන්න හිතෙන්නෙ නෑ. ප්‍රියක් නෑ.
එක දවසක රෑ මගෙ යාළුවෙක් කියනවා, හෙට විනූ එනවා ඔයාට මොනවා හරි අරන් එන්න ඕනි කියලා කියනවා, මොනවද ඕනි කියලා.
මං කියනවා මට එපා ,විනූටත් එන්න එපා කියන්න කියලා.
බෑ බෑ විනූ දැන් මේ පොලීසියේ ඉන්නෙ කියලා කිව්වා.
මම ඇහුවා විනූ ඇයි පොලීසි ගිහිල්ලා කියලා.
විනූ පොලීසියේ ඉන්නෙ කර්ෆිව් ලෙටර් එක හදාගන්න කිව්වා.
ඒ වෙලාවේ මට හිතුණා, මෙයාට එච්චර දේවල් කරන්න ඕනි නෑ. හරි අඩුයිනෙ එහෙම මිනිස්සු.
විශේෂයෙන්ම මෙයා රංගන ශිල්පිනියක්. මෙයා පොලීසියට ගිහිල්ලා, පාස් එකක් ලියාගෙන මං වෙනුවෙන්…
මට ගේන්න ඕනි මොනවද ඇහුවා. මං කිව්වා මට මුකුත් එපා, ඔයා එනව නම් එන්න කියලා.
මෙයා එනකොට ගෙදර කට්ටිය කියලා මම කන්නෙ නෑ කියලා මුකුත්.
මං ආස හැමදෙයක්ම තනියම මෙයා අතින් උයාගෙන ඇවිල්ලා, බත් එක බෙදාගෙන ඇවිල්ලා.. මගෙ ළඟට ඇවිත් කැව්වා මට.
මට ඒක මාර විදියට දැනුනා.
ඊට පස්සෙ මම අසනීප වෙලා හොස්පිට්ල්වල ඉන්නකොට, මෙයා තමයි ඉන්නෙ මාව බලන්න.
අම්මව බලාගන්නකොට ප්‍රශ්නවලදි, මෙයා තමයි එන්නෙ. හොස්පිට්ල් ඉන්න වෙනකොට මට, මෙයා තමයි මාව බලාගන්න එන්නෙ.. අම්මව බලාගන්න වෙනකොට මෙයා එනවා. මෙයාගෙන් ලොකු සපෝර්ට් එකක් මට තිබුණා.
ඇත්තටම එයා අම්මා වගේ.
මම, අම්මා වගේ කියලා කියන්නෙ වචනෙකටවත්, නමටවත්, එයාට තැනක් දෙන්න ඕනි නිසාවත් නෙවෙයි.
ඇත්තටම එයා කරන දේවල්, මම වෙනුවෙන් කරපු දේවල් ඔක්කොමත් එක්ක එයා අම්මා කෙනෙක් වගේ බලාගන්නවා…”
උපුටාගැනීම් : Rangana De Silva සමඟ කළ කතාබහක් ඇසුරින්
2026 මාර්තු 18, පෙ.ව. 12:20
2026 මාර්තු 17, පෙ.ව. 12:09
2026 මාර්තු 16, පෙ.ව. 11:33
2026 මාර්තු 16, පෙ.ව. 12:06
2026 මාර්තු 15, පෙ.ව. 12:05
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26