hit counter

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:07



මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සම්පත් මනම්පේරි නැමැත්තාගේ නඩු වෙනුවෙන් වර්තමාන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයකු වන නීතිඥවරයෙකු පෙනී සිට ඇති බව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාරිලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක පැවසූවේ එම නීතිඥවරයා මේ වනවිට ආණ්ඩුවේ ප්‍රභලම පුද්ගලයෙකුද බවයි.

මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු නඩු වාර්තා සමඟ නුදුරේදීම හෙළිදරව් කිරීමට කටයුතු කරන බවද හෙතෙම පැවසුවේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් එම කරුණ තහවුරු කළේය.

එහිදී නාමල් රාජපක්ෂ මහතා පැවසූවේ සම්පත් මනම්පේරිට තම පක්ෂයට වඩා සම්බන්ධයක් අදාළ අමාත්‍යවරයා සමග තිබෙනා බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: