hit counter

2025 ඔක්‍තෝබර් මස 18 වන සෙනසුරාදා

2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 11:07



ඇෆ්ගනිස්ථාන සහ පාකිස්ථානය අතර යුදමය තත්ත්වය නිසා හා පාකිස්ථානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කබීර්, සිබ්ගතුල්ලා සහ හරූන් නම් ක්‍රිකට් ක්‍රීඩකයන්ය.

ඔවුන් ක්‍රිකට් තරගයකට සහභාගී වී පක්ටිකා වෙත ගොස් යළි නිවසට පැමිණි අතරතුර මෙම ප්‍රහාරයට මුහුණ දී ඇත.

මෙම ප්‍රහාරයෙන් එරට සිවිල් වැසියන් 5 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇත.

එම හේතුව මත ලබන මස ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය,පාකිස්ථානයේදී තරග කිරීමට සිටි තුන්කොන් T20 තරගාවලියෙන් ඇෆ්ගනිස්ථානය ඉවත්වීමට තීරණය කර තිබේ. 

තුන්කොන් තරගාවලිය නොවැම්බර් මස 17වනදා ආරම්භ වීමට නියමිතව තිබුණා.