hit counter

2025 ඔක්‍තෝබර් මස 20 වන සඳුදා

2025 ඔක්‍තෝබර් 20, ප.ව. 2:58



මරණාසන්නව සිටි රෝගියෙකු මරණයෙන් ගලවා ගැනීම සඳහා දැඩි වෙහෙසක් ගත් බදුල්ල රෝහලේ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතාට බැණවැදී පහර දීමට තැත්තල පුද්ගලයෙකු රෝහල් පොලිසිය මගින් ඊයේ (19) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

අද උදෑසන 9.00ට පමණ වයස අවුරුදු 25ක පමණ වයසැති තරුණයෙකු රෝහල් ගත කර ඇති අතර එසේ රෝහල් ගත කරන අවස්ථාවේදී පවා ඔහුගේ නාඩි පවා නොවැටීම හේතුවෙන් රුධිර පීඩනය මැන බැලීමටවත් නොහැකි වු බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුරුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ ද සහය ඇතිව දැඩි පරිශ්‍රමයක් යොදා මරණාසන්නව සිටි මෙම තරුණයාගේ ජීවිත ගොඩ ගැනීමට වෛද්‍ය රාජපක්ෂ කටයුතු කර තිබේ.

මෙම තරුණායට ප්‍රතිකාර ලබාදෙන සියලුම සිදුවීම් ඔහුව රෝහලට රැගෙන ආ අනෙක් තරුණයා වීඩියෝගත කර ඇති බවත් එය නීතිවිරෝධී ක්‍රියාවක් හේතුවෙන් එම විඩියෝව මුළුමනින්ම මකා දමන ලෙස තරුණයාට අවවාද කළද ඔහු එය ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර ඇත්තේ එම තොරතුරු රක්ෂණ සමාගමක් වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවය.

කෙසේ නමුත් වෛද්‍යවරයාගේ දැඩි බලපෑම මත මෙම දර්ශන මකා දැමීමට ඔහුට සිදු වූ බවත් ඔහු සමඟ පැමිණි තවත් පුද්ගලයෙකු වෛද්‍ය රාජපක්ෂට බැණ වැදී පහරදීමට උත්සහ කර ඇති බවත් වාර්තා වේ.

වෛද්‍යවරයාට බැණ වැදී පහරදීමට තැත්කළ පුද්ගලයා සහ වීඩියෝගත කළ පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරියේදී නීතිමය කටයුතු සිදු කිරීමට නියමිතය.

මෙසේ වෛද්‍යවරයාට බැණ තර්ජනය කර ඇත්තේ මරණයෙන් ජිවිතය බේරාගත් තරුණයාව රෝහල වෙතරැගෙන ආ ඔහුගේම යහළුවන් පිරිසකි.

වෛද්‍ය පාලිත රාජපක්ෂගෙන් විමසු විට ඔහු සඳහන් කළේ විස සහිත සතෙකුගේ දෂ්ඨ කිරීමක් හේතුවෙන් විෂ ශරීර ගත වී අසාත්මිකතාවකට ලක්ව සිටි තරුණා රෝහලට රැගෙන එන විට මරණාසන්ව සිටි බවත් ඔහුගේ නාඩි පවා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රුධිර පීඩනය හෝ මැන බැලීමට නොහැකි තත්ත්වයක් තිබු බවත්යි.

වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සිය මුහුණුපොතේ තැබූ සටහන,

පන බේරා දීම වෙනුවෙන්

දැක්වු අමානුෂික ප්‍රතිචාර ය

වේලාව ඉදේ 9.10 වන්නට ඇති..

අවුරුදු 25 ක තරුනයෙක් හදිසි ප්‍රතිකාර එකකට ගෙනාවේ පන නල ගැහෙමිනි,

නාඩි අහුවෙන්නේ නැත..

සිහිසුන්‍ ය..

රුධිර පීඩනය ම්නිය නොහැක ..

හුස්ම ගැනීම යාන්තම්නි..

එය දරුනු,දිවි නසන ආසාත්මික තත්වයක් බවට හදුනාගෙන තත්පර ගානක් තුලදි ක්ෂනිකව ප්‍රතිකාර ඇරබුවෙමු…

විනාඩ් 10-15 ක් තුලදි ඔහු යහපත් ප්‍රතිචාර දැක්වීය..

වීඩියෝ කරන්න එපා යැයි සේවක මහතෙක් කියන විට මම දැක්කේ තරුනයෙක් එසේ කරනව..

මා ඔහුගෙන් ඉල්ලුවේ එසේ නොකරන ලෙසයි..

වින්ඩි 15 කට විතර පසුව මා හදිසි ප්‍රතිකාර එක්සයෙන් එලියට එනවිට පෙරකි තරැනයාත් සමග පැමිනි තවත් තරුනයෙක් ,,උබ කවුද අපිට වීඩියෝ කරන්ඩ එපා කියන්ඩ ,උබ දන්නවද අපි කවිද කියල,අපේ මාම වැඩකරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි විමර්ශන එකකයේ ,යනුවෙන් පවසා මට පහරදීමට ඉදිරියට පැමිනෙනවාත් සමගම මා ඔහු ඉවතට තල්ලුකර දැම්මේ ආරක්ෂාව වෙනුවෙනි ..

පසුව ඔවින් දෙන්නා රෝහල් ආරක්ෂක අංශයේ මහතුන් සහ රෝහල් පොලීසිය මගින් බදුල්ල පොලීසියට බාරදුන්න..

විනාඩි කිහිපයකට පෙර තම සගයගේ ජීවිතය බේරාදීම වෙනුවෙන් මේ නොමිනිසුන් ….

සැලකු අයුරුයි එ..

..මේ සමාජයේ ඉන්න අතලොස්සක් වන මෙවන් අමනයින්ට එරෙහිව ඔනිම ක්‍රියාමාර්ගයක් ගැනීමට අපි පසුබට නොවන්නෙමු..

එමෙන්ම අහිංසක මිනිසුන් මේවාට පලි නැහැ ..

..මුන්ගේ ජානවල වරදක් තියෙන්නේ ..

.අන්න රැස් බැහැල කූඩුවේ ඉන්නව …

…වෛද්‍ය පාලිත රාජපක්ෂ …





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: