2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 11:14
සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලබා දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා වටා ගෙතුණු විමර්ශන ජාලය, මෙරට නිරූපණ ක්ෂේත්‍රයේ ඇතැම් චරිත වෙත ද විහිදී යමින් පවතින බවට තොරතුරු වාර්තා වෙයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින මෙම සැකකරු සතුව තිබී සොයාගත් ජංගම දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේදී, මෙරට ප්‍රකට රංගන ශිල්පිනියන් පස් දෙනෙකු සහ ‘මිස් ශ්‍රී ලංකා’ තරගාවලියට සම්බන්ධ වූ නිරූපණ ශිල්පිනියක පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය වී ඇත.
මෑතකදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්ව, වැඩිදුර විමර්ශන සඳහා මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමෙන් අනතුරුව ඔහුගේ ජංගම දුරකථන දැඩි පරීක්ෂාවකට ලක් කෙරිණි.
එම විමර්ශනවලදී, එක් ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඇගේ පෙම්වතා සමඟ සිටින අතිශය පෞද්ගලික වීඩියෝ දර්ශනයක් ඔහුගේ දුරකථනයේ තිබී හමුවී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
මෙම වීඩියෝවට අමතරව, අනෙක් රංගන ශිල්පිනියන් සිව්දෙනාගේ සහ ඉහත කී නිරූපණ ශිල්පිනියගේ ඡායාරූප විශාල ප්‍රමාණයක් ද පද්මේගේ ජංගම දුරකථනයේ තිබී සොයාගෙන තිබේ.
එම ඡායාරූපවලින් බොහොමයක්, පද්මේ සමඟ විදෙස් රටවලදී ලබාගත් ඒවා බව පැවසෙයි, මෙම හෙළිදරව්වීම්වලට අදාළව, අදාළ කාන්තාවන් හයදෙනාගෙන්ම ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඉදිරියේදී ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.
ඒ අනුව, ඉදිරි දිනවලදී මෙම ආන්දෝලනාත්මක සිදුවීම හා සම්බන්ධ තවත් බොහෝ තොරතුරු අනාවරණය වීමට නියමිතය.
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:16
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:12
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:09
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25