2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 9:06
අපේ රටේ ඉතා ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම ආදරණීය නිවේදන ශිල්පිනියක් හැටියට ගයාත්‍රි ඩයස් අප හමුවට එනවා.
ඉතින් ඒ වගේම විටෙක බිරිදක් වගේම දෙදරු මවක් වන ඇය හරි අපූරු සුන්දර රූ සපුවකට හිමිකම් කියනවා.
එදා වගේම අදටත් එක වගේම ලස්සන නිලියක් විදිහට තමයි බොහෝ දෙනෙක් ඇයව හඳුන්වන්නේ.
ඒ වගේම තමයි ඇය ගැන එක එක කාලෙට විවිධාකාරයේ පුවත් අහන්ට දකින්නට ලැබෙනවා.
ජීවිතේ බොහෝමයක් තැන්වල නැවතුණා හා සමානව අසීරුම තැනකදී ජීවිතේ ගැන අමාරු තීන්දුවක් ගන්න ගයත්‍රි තීන්දු කරනවා.
ඒ ඇගෙත් චන්නගෙත් දික්කසාදය.
ඉන් එහා ගයත්‍රිත් චන්නත් ඒ කෝන්තර ගැන ප්‍රසිද්ධියේ නොකියා ඉන්නත් වග බලාගත්තා.
රසිකයින් අත ප්‍රශ්නෝත්තර බොහෝමයක් තිබුණා වුණත් ඒ සුහදතාවයෙන් වෙන්වීම ප්‍රශ්නයක් කරගන්න එපා කියලත් ඔවුන් ඉල්ලීමක් කරලා තිබුණා.
ඒ අතරතුර දී චන්න-ගයත්‍රි යුවළගේ දියණියන් දෙදෙනාගේ විශේෂ අවස්ථාවලත් ඔවුන් දෙදෙනා එකට ඉන්නවා දකින්න ලැබුණා.
නමුත් දරුවන්ගේ සෑම වැඩ කටයුත්තකදීම ආදරණීය මවක් සහ පියෙක් විදිහට එකට එකතු වෙලා වැඩ කටයුතු කරන්නත් ඔවුන් දෙන්නා අමතක කරන්නේ නැහැ.
මේ දවස්වල ගයාත්‍රි ගැන කසුකුසුවක් ඇති වෙලා තියෙනවා.
‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා තමාට එල්ල වන චෝදනා පිළිබඳව රංගන ශිල්පිනී ගයාත්‍රී ඩයස් සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් පළ කර තිබෙනවා.
තමන්ට එල්ල වන දැඩි සමාජ විවේචන සහ චෝදනා පිළිබදව ඇය පවසන්නේ තමන් වරදකරුවකු වනවා නම් ඒ එකම වරද තමන් කලාකාරිනියක වීම පමණක් බවයි.
කාන්තාවක් ලෙස තමන් විඳින වේදනාව සහ සමාජයේ “ෂරියා නීතිය” මෙන් ක්‍රියාත්මක වන විනිශ්චයන් පිළිබඳව ඇය එම සටහනෙහි දක්වා තිබෙනවා.
එම සම්පුර්ණ සටහන පහතින්,
පෙර ආත්මය ගැන මතකයක් නැතත්,එ හැම ආත්මයක්ම මේ ගෙවන ආත්මයට වඩා දුක්බර ඇති. වේදනාකාරී ඇති.
පෙර පවි අනුව මෙි ගෙවන කාලයත් ගෙවන්නේ ඉතාම අසීරු ලෙස වුවත් ජීවිතය හැරදායාමට නොහැකිය.
දෛවය මොන ආකාරයට සලකනවාද යන්න නොතේරෙයි.
නිදි නැති රැයවල් තව කීයක් ගත කරන්න නියමිත ද යන්න නොදනී.
මා නිවැරදි හෝ වැරදිකරුවෙකුද යන්න මාද සොයමි.
කෙසේ හෝ සමාජය සරියා නීතිය පාවිච්චි කරමින් ගල් ගසමින් මා මරා දමමින් සිටි.
කුඩා කල සිට මා විධි වේදනාවන්,තනිකම,තවමත් නිම වී නොමැත.
මෙි ජිවිතයේ ආරම්භයත් අවසානයත් අතර ගලා යන රුධිරයේ රශ්නයට මට නින්ද නොයයි.
මා වැරදිකරුවෙකු නම් ඒ මා කලාකාරිනියක වීමයි.
2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:06
2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:02
2025 ඔක්‍තෝබර් 28, ප.ව. 5:31
2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 12:06
2025 ඔක්‍තෝබර් 27, ප.ව. 2:47
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25