2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 2:13
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තුළ වසර ගණනාවක සිට මුද්‍රණය නොකළ ජාතික හැඳුනුම්පත් අයදුම්පත් ලක්ෂ 15ක් පමණ ගොඩගැසී ඇතැයි දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරන බවට ලංකාදීප පුවත්පත වාර්තා කර තිබෙනවා.
දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, මෙම ලක්ෂ 15ක සංඛ්‍යාවට 2006 වසරේ සිට 2010 වසර දක්වා උපත ලැබූ පාසල් දරුවන්ගේ හැඳුනුම්පත් අයදුම්පත් ඇතුළත් බවයි.
මෙම දරුවන්ගේ අයදුම්පත් වෙනුවෙන් මේ දක්වා යොමු කර ඇත්තේ අයදුම්කරුවන්ට ලිපියක් පමණක් බවත් එම නිලධාරියා පවසා ඇති බවට සඳහන්වනවා.
සාමාන්‍යයෙන් වසරකට පාසල් දරුවන් ලක්ෂ 3ක් පමණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට අයදුම් කර ඇති බවට පවසා ඇති එම නිලධාරියා මේ වන විට 2005 වසරේ උපත ලැබූ දරුවන්ගේ ජාතික හැඳුනුම්පත් මුද්‍රණය අවසන් අදියරේ පවතින බව ද පවසා තිබෙනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, 2006 වසරේ උපත ලැබූ දරුවන්ගේ හැඳුනුම්පත් මුද්‍රණය හැකි ඉක්මණින් ආරම්භ කරන බවත්, මෙම වසර අවසන් වීමට පෙර එම කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි.
2025 ඔක්‍තෝබර් 30, ප.ව. 1:50
2025 ඔක්‍තෝබර් 30, ප.ව. 1:40
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 11:54
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 9:43
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 9:02
27-10-25
27-10-25
25-10-25
25-10-25
22-10-25
22-10-25
21-10-25
21-10-25
20-10-25
20-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
14-10-25
14-10-25
09-10-25
09-10-25
09-10-25
09-10-25
29-09-25
29-09-25
27-09-25
27-09-25