2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
            
ඒකාබද්ධ විපක්ෂය විසින් “මහජන හඬ” යන තේමාව යටතේ, ලබන මස 21 වන දින නුගේගොඩදී පැවැත්වීමට නියමිත ජන රැළියට පෙර, දේශපාලන උවමනාවක් මත තමන්ව අත්අඩංගුවට ගැනීමට රජය සූදානම් වන බවට පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි.
කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කළේය.
ඔහු මෙම ප්‍රකාශ කරන පසුබිම තුළ, ඔහු අත්අඩංගුවට පත්වීමට ඉඩ ඇති ආසන්නතම හේතුව ලෙස සැලකෙන්නේ, හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතාගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගම්මන්පිල මහතා කළ ප්‍රකාශයක් මුල් කරගෙන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වන විමර්ශනයයි.
මෙම විමර්ශනයට අදාළව, එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති (ICCPR) පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා, ගම්මන්පිල මහතා මේ වන විට අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ද ඉදිරිපත් කර තිබේ.
එම පෙත්සමේ ඔහු සඳහන් කර ඇත්තේ, කොටි සංවිධානයේ හිටපු නායකයෙකුගේ ප්‍රකාශයක් මත හිටපු නාවික හමුදාපතිවරයෙකු අත්අඩංගුවට ගැනීම විවේචනය කරමින් තමන් පැවැත්වූ මාධ්‍ය හමුවේදී, කිසිදු ජන වර්ගයකට හෝ ආගමකට එරෙහිව ප්‍රකාශයක් නොකළ බවයි.
එහෙත්, එම ප්‍රකාශය පදනම් කරගෙන ICCPR පනත අවභාවිත කරමින්, ඇප රහිතව තමන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට රජය සූදානම් වන බවට ඔහු චෝදනා කරයි.
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:12
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:08
01-11-25
 
                                            01-11-25
09-10-25
 
                                            09-10-25
17-09-25
 
                                            17-09-25
20-08-25
 
                                            20-08-25
30-07-25
 
                                            30-07-25
16-07-25
 
                                            16-07-25
09-05-25
 
                                            09-05-25
05-03-25
 
                                            05-03-25
25-02-25
 
                                            25-02-25
17-01-25
 
                                            17-01-25
10-01-25
 
                                            10-01-25
30-10-24
 
                                            30-10-24