hit counter

2025 නොවැම්‍බර් මස 01 වන සෙනසුරාදා

2025 ඔක්‍තෝබර් 31, ප.ව. 1:44



මෑතකදී ඇතිවූ ඝාතන සිදුවීම් සමඟ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව මතුව ඇති තත්ත්වය හමුවේ, ආරක්ෂාව ඉල්ලා සිටින සියලුම මන්ත්‍රීවරුන් සඳහා අවශ්‍ය ආරක්ෂාව සැපයීමට බලධාරීන් එකඟතාව පළ කර තිබේ.

එමෙන්ම පසුගියදා තමා ගැන සිදුකළ ප්‍රකාශය පිළිබඳ එහිදී පොලිස්පතිවරයා කණගාටුව ප්‍රකාශ කළ බවද එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතා මෙම තීරණය පිළිබඳව මාධ්‍ය වෙත දැනුම් දුන්නේය.

විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව, මන්ත්‍රී ආරක්ෂාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක් අද (31) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

මෙම හදිසි සාකච්ඡාව සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ද සහභාගී විය.

මෙහිදී මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින තර්ජන සහ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ආරක්ෂාව ඉල්ලා සිටින ඕනෑම මන්ත්‍රීවරයෙකුට එය ලබා දීමට පොලිස්පතිවරයා සහ කථානායකවරයා යන දෙදෙනාම එකඟතාව පළ කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: