hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2025 නොවැම්‍බර් 01, ප.ව. 12:07



වෙනෙසුවේලාව අභ්‍යන්තරයට පහරදීමේ බලාපොරොත්තුවක් නොමැති බව ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යවේදීන් සමග ප්‍රකාශ කළා.

ඔහු මෙම ප්‍රකාශය කළේ ඇමරිකාව නුදුරේදීම වෙනෙසුවේලාවට ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් ඇතැයි මියාමි හෙරල්ඩ් පුවත්පත විසින් වාර්තා කරනු ලැබීමෙන් පැය කිහිපයකට පසුවයි.

ට්‍රම්ප් මෙසේ සඳහන් කළ ද කැරිබියානු මුහුදු කලාපයේ ඇමරිකානු හමුදා ශක්තිය තර කෙරෙමින් පවතින බව වාර්තා වනවා. මේ අතර පුවර්ටෝ රිකෝ දූපත අවට ගුවන් කලාපය ද වසා දමා ඇතැයි නිව්ස් වීක් වෙබ් අඩවිය කියා සිටියා.