hit counter

2025 නොවැම්‍බර් මස 02 වන ඉරිදා

2025 නොවැම්‍බර් 02, පෙ.ව. 12:11



කෙහෙල්බද්දර පද්මේ ගිනිඅවි ජාවාරම් සිදුකර තිබෙන බව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මඟින් හෙළි කර ගෙන තිබෙනවා.

ඒ අනුව පොලීසිය ප්‍රකාශ කළේ ඔහුගේ කළු සල්ලි ප්‍රසිද්ධ නිළියන් ඔස්සේ සුදු කර ඇති ද යන්න පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කරන බවයි.

ඉකුත්දා අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේ ගිනිඅවි ජාවාරම් කර ඇති බවට බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයට තොරතුරක් ලැබී ඇත.

ඒ මත එහි අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ සෘජු අධීක්ෂණයෙන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අද දින මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු ද පිස්තෝලයක් හා ජීව උණ්ඩ 13ක් සමග අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබෙනවා.

ඔහු කෙහෙල්බද්දර පද්මේ සමග සමීප සබඳතාවක් පවත්වා ගෙන ගිය බවට ද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කෙහෙල්බද්දර පද්මේ සමග ඩුබායිහීදී ඡායාරූපයකට පෙනී සිටි ප්‍රසිද්ධ නිළියන් හය දෙනාගෙන් පස් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව ද සඳහන් කළා.

ඒ අනුව විමර්ශන නිලධාරීන් සඳහන් කළේ, කෙහෙල්බද්දර පද්මේ එම නිළියන්ට මුදල් ලබාදී තිබේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව‍යි.

එසේම ඔවුන් පද්මේගේ කළු සල්ලි සුදු කර තිබේ ද යන්න පිළිබඳ පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.

අඳාළ මුදල් එම රංගන ශිල්පිනියන් විසින් විවිධ අයෝජනවලට යොමු කරනු ලැබුවේද යන්න පිළිබඳත් විමර්ශන ක්‍රියාත්මකයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: