hit counter

2025 නොවැම්‍බර් මස 05 වන බදාදා

2025 නොවැම්‍බර් 05, පෙ.ව. 12:17



මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ පාලන සමය කියන්නේ මේ රටේ පාතාලයට සහ මත්ද්‍රව්‍යයට එරෙහිව විශාලම සටනක් සිදු කරපු කාලයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් සඳහන් කරයි.

මහලේකම් නීතීඥ සාගර කාරියවසම් සඳහන් කළේ,

“2005 – 2015 කාලය තුළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ අපි දන්නවා මේ රටේ පාතාලයට සහ මත්ද්‍රව්‍යට එරෙහිව විශාල සටනක් සිදුකරපු කාලයක්.

ඒ කාලේ තමයි ඔය හුගක් දෙනෙක් පාතාල නායකයෝ, ඒ වගේම මත්ද්‍රව්‍ය ගෙන්වන නායකයෝ රට අතෑරලා පැනලා ගිහිල්ලා වෙන රටවල හැංගිලා ඉදන් තමන්ගේ ව්‍යාපාර කටයුතු මෙහෙයවීම පටන් ගත්තේ.

2015 වෙනකොට ඉතා සාර්ථක ආකාරයෙන් මැඩලගෙන ගිය පාතාලය 2015 ඉදන් 2019 දක්වා තිබුණ රජය යටතේ යම් කිසි නැගිටීමකට ලක්වුණා.

නැවත 2019 ආපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙත්, ඉන්පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා⁣ගේ කාලයේ නැවත මේ පාතාලය සහ මත්කුඩු මර්දනයට ලක්වුණා.”

කොළඹදි මාධ්‍ය හමුවක් පවත්වමින් පොදුජන පෙරමුණ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මේ බව සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: