2025 නොවැම්‍බර් 10, ප.ව. 12:50
විපක්ෂ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (10) පාර්ලිමේන්තුවේදී දැඩි අනතුරු ඇඟවීමක් සිදු කළේය.
මන්ත්‍රීවරයා දිගින් දිගටම විනය විරෝධී ලෙස කටයුතු කළහොත්, ඔහුව සභා ගර්භයෙන් ඉවත් කිරීමට සිදුවනු ඇති බවට කථානායකවරයා එහිදී අවධාරණය කළේය.
මෙම උණුසුම්කාරී තත්ත්වය නිර්මාණය වූයේ, අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විසින් රීති ප්‍රශ්නයක් මතු කිරීමට උත්සාහ දැරීමත් සමඟය.
කෙසේ වෙතත්, කථානායකවරයා එම අවස්ථාවේදී රීති ප්‍රශ්නය මතු කිරීමට අවසර ලබා නොදීම හේතුවෙන්, මන්ත්‍රීවරයා සහ කථානායකවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය.
“සේනසිංහ මන්ත්‍රීතුමා, ඔබ පාර්ලිමේන්තුවේ හැසිරිය යුතු ආකාරය ඉගෙන ගන්න. ඔබ විනයගරුකව කටයුතු නොකළහොත්, මට සිදුවෙනවා ඔබව සභා ගර්භයෙන් ඉවත් කරන්න,” යනුවෙන් කථානායකවරයා අවවාද කළේය.
එයට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූ සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා, “ගරු කථානායකතුමනි, බැඳුම්කර වංචාව ගැන පොතක් ලියපු කෙනෙක් ගැන කතා කරද්දී අමාත්‍යවරයා පැහැදිලිවම ඉලක්ක කළේ මාවයි. මට ඊට පිළිතුරු දෙන්න අවස්ථාවක් දෙන්න,” යැයි ඉල්ලා සිටියේය
2025 නොවැම්‍බර් 10, ප.ව. 4:18
2025 නොවැම්‍බර් 10, ප.ව. 3:41
2025 නොවැම්‍බර් 10, ප.ව. 1:43
2025 නොවැම්‍බර් 10, පෙ.ව. 8:52
2025 නොවැම්‍බර් 10, පෙ.ව. 12:13
10-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
08-11-25
08-11-25
08-11-25
08-11-25