hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2025 නොවැම්‍බර් 11, පෙ.ව. 12:14



අපි ඇත්තටම දන්නේ නෑ අපේ අවසාන මොහොත කොයි විදියකින් සිද්ද වෙයිද කියලා.

මේ කියන්න යන්නේ ඉතාමත් අවාසනාවන්ත ලෙස නොසිතු මොහොතක ජිවිතයෙන් සමු ගන්නට වුණ තරුණියක් ගැන.

ඇය ගෙදර ගිහිල්ලා තිබුණේ එළඹෙන දෙසැම්බර් මස පැවැත්වෙන විභාග කටයුතු වෙනුවෙන් පාඩම් කරන්න. ඇය පසුගිය 06 දා අලුයම 2.00 පමණ වනතෙක් පාඩම් කරලා තියෙනවා.

පාඩම් කිරීමෙන් අනතුරුව ඇය නාන කාමරයට ගිහිලා තියෙනවා. එහිදී ඇය ඉතාමත් අවාසනාවන්ත ලෙස ලිස්සා ඇද වැටී ඇති අතර බරපතළ තුවාල සමඟ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කරලා තියෙනවා.

හැමෝගෙම හිතේ එක බලාපොරොත්තුවක් තිබුණා ඇය ආපහු ගෙදර එක්ක යන්න පුළුවන් වෙයි කියලා. ඇයගේ ‍යාළුවොත් හිතුවා එයාලගේ යාළුවා ආපහු එයාල එක්ක එකට ඉගෙන ගන්න එයි කියලා.

හැබැයි ඒ වෙනකොටත් ඇය හැමෝගෙම බලාපොරොත්තු බිදදාලා ඉවරයි. ඇයට එන්න ඕන වුණත් ආයේ එන්න බැරි වුණා. මහනුවර ජාතික රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය 08 මියගොස් ඇතැයි වාර්තා වෙනවා.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා පීඨයේ හෙද සහ පවුල් සෞඛ්‍ය උපාධි පාඨමාලාව හදාරමින් සිටි තෙවන වසරේ සිසුවියක් තමයි මේ විදියට මිය ගොස් තිබෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: