hit counter

2025 නොවැම්‍බර් මස 13 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්‍බර් 10, ප.ව. 10:59



ඉන්දියාවේ දිල්ලි අගනුවර රතු බලකොටුව මෙට්‍රො නැවතුම අසළ මෝටර් රථයක් පිපිරීමෙන් අවම වශයෙන් 13 දෙනකු මියගොස් තිබෙනවා.

සවස 6.42 ට පමණ මෙම පිපිරීම සිදුවූ අතර ඉන් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. එමෙන්ම මරණ සංඛ්‍යාව ද වැඩි විය හැකි යැයි බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

පිපිරීමෙන් ඇතිවූ ගින්න 7.29 පමණ වනවිට පාලනය කළ හැකි වූ බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.