2025 නොවැම්බර් 11, ප.ව. 4:56
ඊයේ (10) සන්ධ්‍යාවේ දිල්ලියේ රතු බලකොටුව අසළ සිදුවූ පිපිරීමට සම්බන්ධ තොරතුරු ගණනාවක් ඉන්දියානු ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබෙනවා.
එරට මාධ්‍ය පවසන පරිදි මෙම පිපිරීම හ්‍යුන්ඩායි i20 හැච්බැක් වාහනයක සිදුව තිබෙනවා. පිපිරීම සිදුවන අවස්ථාවේ එහි තිදෙනකු සිටි බවත් දැනගන්නට ලැබෙනවා. එමෙන්ම එම වාහනය රතු බලකොටුව ආසන්න ප්‍රදේශයේ පැය කිහිපයක් රැඳී සිට ඇතැයි මගින් තහවුරුව තිබෙනවා.
මෙම පිපිරීමට සම්බන්ධ වාහනයේ අයිතිකරු ගුරුග්‍රාම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වාර්තා වුණා. තවත් තිදෙනකු ද මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
මෙම පිපිරීමට ලක්වූ වාහනය පැදවූයේ කශ්මීරයේ පුල්වාමා ප්‍රදේශයේ මොහොමඩ් උමර් නම් වෛද්‍යවරයකු බව දැනගන්නට ලැබී තිබෙනවා.. මෙම වෛද්‍යවරයා ජයිශ් ඊ මුහම්මද් ඇතුලු කණ්ඩායම් සහිත ත්‍රස්ත ජාලයක කටයුතු කරන්නේ යැයි සැක කෙරෙනවා.
නොවැම්බර් 9 වනදා ෆරීදාබාද් ප්‍රදේශයේ වැටලීමකදී කිලෝග්‍රෑම් 350 ක පමණ පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබුණා. එයින් අනතුරුව ඉතිරි කණ්ඩායම කලබලයට පත්ව මෙසේ හදිසි ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළේදැ යි සැකයක් මතුව තිබෙනවා.
2025 නොවැම්බර් 11, ප.ව. 5:08
2025 නොවැම්බර් 10, ප.ව. 10:59
2025 නොවැම්බර් 05, පෙ.ව. 8:49
2025 නොවැම්බර් 03, ප.ව. 12:59
2025 නොවැම්බර් 01, ප.ව. 12:07