2025 නොවැම්‍බර් 12, පෙ.ව. 12:35
ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවැතුණු පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 6කින් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය.
පාකිස්ථානයේ රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය කඩුලු 5ක් දැවී ලකුණු 299ක් ලබා ගත්තේය.
ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50දී කඩුලු 9කට ලබා ගත්තේ ලකුණු 293ක් පමණි.

පාකිස්ථානය වෙනුවෙන් සල්මන් අගා නොදැවී ලකුණු 105ක් ද, හුසෙන් තලාත් ලකුණු 62ක් හා මොහොමඩ් නවාස් නොදැවී ලකුණු 32ක් ලබා ගත්හ.
වනිඳු හසරංග ලකුණු 54ට කඩුලු 3ක් ද පිත්තෙන් ලකුණු 59ක් ද ලබා ගත්තේය.
කමිල් මිශාර ලකුණු 38 ක් හා සදීර සමරවික්‍රම ලකුණු 39ක් ලබා ගත්තා.
හරිස් රෆ්වු ලකුණු 61කට කඩුලු 4යි.
පාකිස්ථානය තරග 3 කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගත්තේය.
දෙවන තරගය බ්‍රහස්පතින්දා රාවල්පිණ්ඩිහිදීම පැවැත්වීමට නියමිතව තිබේ.
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 6:41
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:55
2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 9:12
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:55
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:49