2025 නොවැම්‍බර් 13, ප.ව. 9:29
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සංචාරක පාකිස්ථාන ඉතිරි එක්දින තරග හා T 20 තුන්කොන් තරගාවලිය ද අවිනිශ්චිත තත්වයක් මතු වුණේ පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිරිසක් දිවයිනට පැමිණිමට අවශ්‍ය බව පැවසීමත් සමගය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හා මෙරට ආරක්ෂක ලේකම්වරයා,පාකිස්ථාන ක්‍රිකට් බලධාරින් හා එරට රජය සමග කළ සාකච්ඡාවකින් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගත්තේය.
මේ සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද නිවේදනයක් නිකුත් කරමින් ඉතිරි තරග ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සිය කැමැත්ත පළ කල බව පවසා සිටියේය.
උත්ගත වූ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්ථාන දෙවන එක්දින තරගය හෙට දක්වා කල්දැමීමටත් සිදුවිය.
මීට අමතරව තුන්කොන් T20 තරග කාල සටහන ද සංශෝධනය කරන්නටත් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයට සිදු වුණා.

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර දෙවන එක්දින තරගය හෙට පාකිස්ථානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පුහුණුවීම් සඳහා මේවන විට රාවල්පිණ්ඩිහිදී එක්ව සිටියි.

2025 නොවැම්‍බර් 12, පෙ.ව. 12:35
2025 නොවැම්‍බර් 10, පෙ.ව. 11:35
2025 නොවැම්‍බර් 10, පෙ.ව. 11:29
2025 නොවැම්‍බර් 08, පෙ.ව. 10:08
2025 නොවැම්‍බර් 06, පෙ.ව. 10:59