2025 නොවැම්‍බර් 17, පෙ.ව. 12:10
සිංහල සිනමාවේ වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් නිෂ්පාදනය කළ මෙන්ම ආදායම් වාර්තා තැබූ චිත්‍රපට රැසක් නිෂ්පාදනය කළ ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකයෙකි, සුනිල් ටී. ප්‍රනාන්දු.
මෑතකදී පැවති ‘සිග්නීස්’ සම්මාන උළෙලේදී, ඔහු නිෂ්පාදනය කළ ”රහස් කියන කඳු” චිත්‍රපටය සම්මාන රැසකින් පිදුම් ලැබුවා.
ඔහු, ජනප්‍රිය රංගන ශිල්පි හේමාල් රණසිංහ නිර්මාණයකට කරන අයකිරීම් පිළිබඳව පළකළ අදහසක්.
මේ කතාව ගැන පහුගිය දවසක යළිත් ඔහු අදහස් දැක්වීමක් සිදුකර තිබුණා.
එහිදී ඔහු හෙළිකර තිබුණේ, තමන් ද චිත්‍රපටයකට හේමාල් රණසිංහට ආරාධනාවක් කළ බව.
උපුටාගැනීමයි ;
”නළුවෙක් වුණත් වරද්දා ගන්නෙ මම තමයි මේකෙ ලොක්කා කියලා හිතුවොත් එදාට එයා වැටෙනවා. සභීතා පෙරේරා කොච්චර නිහතමානී නිළියක් ද, මාලිනි ෆොන්සේකා.. අදත් ඒගොල්ලො ඉන්නවනෙ.
මම දන්න තරමින් හේමාල් හරි රෙස්පෙක්ට්, හරි වැදගත්.. එයාගෙ ගමන එයා යනවා. මම කොතනකදිවත් එයාට දොස් කියලා නෑ. දොස් කියන්නත් බෑ. මගේ ෆිල්ම්වල ඇක්ට් කරලත් නෑනෙ.
මම එක ෆිල්ම් එක්කට කතා කළා. නමුත් එයාට දින නෑ කියලා කිව්වා. මගෙ ‘හවුස් ෆුල්’ ෆිල්ම් එකට..
රංජන් රාමනායක බෑ කිව්ව ගමන්, හේමාල්ට තමයි කතා කළේ, ගාණ කීය වුණත් කමක් නෑ ඔයා මේකෙ ඇක්ට් කරන්න කියලා.
මේක කරන්නම ඕනි නිසා තමයි ඉසුරුව දාලා කරගත්තෙ.
ඕවත් එක හේතුවක් වෙනවා මම ඉන්ඩස්ට්‍රි එක ගැන කලකිරෙන්න. ඒ කියන්නෙ, අවශ්‍ය දේවල් අවශ්‍ය ආකාරයෙන් වෙන්නෙ නැති වුණාම…
රංජන්ටනෙ ලිව්වෙ. ඒක ඉසුරුගෙන් ආවෙ නෑනෙ. ඉසුරුට තව ෆිල්ම් දහයක් විතර කරන්න ඕනි තැනකට එන්න. අද රංජන් ඒ තැන ඉන්නවා.
චිත්‍රපටය පාඩුයි. පොඩි පාඩුවක් නෙවෙයි ලොකු පාඩුවක්….”
”..මම මේ කියන්නෙ ‘හවුස් ෆුල්’ එකට එයා (හේමාල්) ලක්ෂ 50ක් ඉල්ලුවා නම් මම පනහ හරි දීලා ගන්නවා, මට එයාව ඕනි නිසා.
හේමාල් නොවටිනවා නෙවෙයි. මම කිව්වෙ හේමාල්ට ලක්ෂ 40ක් දුන්නොත් නිළියට අපි කීයක් දෙන්නද. නිළියට 30ක්වත් දෙන්න එපැයිනෙ.
එතකොට සපෝර්ටින් කැරැක්ටර්ස්වලට කීයක් දෙන්නද. ඩිරෙක්ටර්ට කීයක් දෙන්නද….. ඒ ගණන් එනකොට ලංකාවේ මේ බයිස්කෝප් එක පෙන්නන්න බෑ. පෙන්නලා ලාභයක් ගන්න බෑ…”
උපුටාගැනීම : Trending Tv සමඟ කළ කතාබහක් ඇසුරින්
2025 නොවැම්‍බර් 15, පෙ.ව. 12:08
2025 නොවැම්‍බර් 15, පෙ.ව. 12:02
2025 නොවැම්‍බර් 14, පෙ.ව. 11:39
2025 නොවැම්‍බර් 14, පෙ.ව. 12:17
2025 නොවැම්‍බර් 13, ප.ව. 2:22
15-11-25
15-11-25
15-11-25
15-11-25
15-11-25
15-11-25
15-11-25
15-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
13-11-25
13-11-25