2025 නොවැම්‍බර් 19, ප.ව. 10:41
පාකිස්ථාන රජයේ නිල ආරාධනාවකට අනුව, ශ්‍රී ලංකා – පාකිස්ථාන – සිම්බාබ්වේ තුන්කොන් T20 ක්‍රිකට් තරඟාවලිය නැරඹීමට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරිමත් කිරීමේ අරමුණු සහිතව ක්‍රීඩා අමාත්‍ය වරයාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරන්න අද (නොවැ.19) පාකිස්ථානය බලා පිටත් විය.
අමාත්‍ය වරයා පිලිගැනීම සදහා ශ්‍රී ලංකා පාකිස්ථාන මහ කොමසාරිස් රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න මහතා සහභාගිවිය.

පාකිස්ථානය තුළ උද්ගත වූ තත්ත්වය හමුවේ,මෙරට ක්‍රීඩකයින්ගේ මාන්සිකත්වය පිළිබඳ සොයා බැලීමටත්, තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් තුළ යහපත් මානසික මට්ටමක් ඇති කරමින් ඔවුන් තුළ විශ්වාසයක් ඇති කිරීමත් මෙම සංචාරය තුළින් අපේක්ෂා කෙරේ.

2026 අප්‍රේල් 28, ප.ව. 5:50
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25