2025 නොවැම්බර් 24, පෙ.ව. 12:04
දෙසැම්බර් 12, 13 සහ 14 යන දිනවල බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍යංශය මගින් පැවැත්වීමට නියමිත ශ්‍රී ලාංකික දිනයේ ජාතික වැඩසටහන සම්බන්ධයෙන් ජනප්‍රිය රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකාගේ නම භාවිතය සම්බන්ධයෙන් පැතිරෙන කතාබහ පිළිබඳව සමනලී ෆොන්සේකා සිය නිල ෆේස්බුක් පිටුවේ පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
එම සම්පූර්ණ පැහැදිලි කිරීම පහතින්,
“මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි… දැන් ඔය අසාර්ථක වෑයම් ඇති කියලා හිතෙන්නැද්ද? NGO සල්ලි accounts වලට වැටෙනවා, LTTE diaspora එකෙන් සල්ලි දෙනවා, කුඹුක්ගැටේ ප්‍රහාරය රඟපෑමක් (හැබැයි නඩුව අපි දිනලා වන්දිත් ලැබුණා ), Litro gas එකෙන් සල්ලි ගත්තා, ජේතවනාරාමෙට කුණු පුරවන්න කිව්වා, චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු යන්න තමයි ඔය ඔක්කොම කරන්නෙ, රජයේ ලාංඡ්න ගහපු වාහනක් තියෙනවා, පාතාලෙ එකෙක්ගෙ phone එකේ video එක්ක තිබිලා… දැන් Sri Lankan day එකක්. මීට වඩා වෙන ක්‍රමයක් හොයාගන්න වෙනවා විපක්ෂෙට ගොඩ යන්න. මොකද රටේ සල්ලි හොරා කාපු ඔයාලට මාව උසාවි ගෙනියන්න එදත් මොකක්වත් හොයා ගන්න බැරුව ගියා, අදත් නෑ. යහපාලනයට පස්සෙ පොහොට්ටුවත් ආණ්ඩුවක් කළානෙ? කෝ අපිව උසාවි ගේන්න තිබ්බනෙ. විපක්ෂෙ දැන්වත් තේරුම් ගන්න ඕනෙ එයාලා එක්ක ඉන්න, උන්නතිකාමයෙන් පෙළෙන සමහර Artists ලා ගොඩට මාව කවදාවත් දාන්න වෙන්නැහැ කියලා.
ඉතිං Sri Lankan Day එකේ concept එක develop කරන්න මම ඇතුලු තව කලාකරුවන් පිරිසකට සංස්කෘතික අමාත්‍යාංශය ආරාධනා කරන්නෙ මේ වසරේ ජූලි මාසයේ. අපි හැමෝම ඒ සාකච්ඡා සඳහා සහභාගි උනේ අපේ අතින් වියදම් කරන් ඇවිත්. මහජන මුදලින් අපිට ලැබුනෙ තැනකුයි (අමාත්‍යාංශයේ meeting space එකක්), plain tea එකකුයි විතරයි. ඊට පස්සෙ අගෝස්තු මාසෙ අපිව අමාත්‍යාංශයෙන් කණ්ඩායම් බෙදලා රටේ හැම දිස්ත්‍රික්කයකටම යැව්වා ඒ ඒ දිස්ත්‍රික්ක වල ඉන්න කලාකරුවන් සමග සාකච්ඡා කරලා මේ සඳහා ඒ අයගේ දායකත්වය ලබාගන්න. මම නියෝජනය කරපු කණ්ඩායම ගියේ අනුරාධපුර, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, පුත්තලම. මේ හැමදේමටම සහභාගී වුන හැම කෙනෙක්ම තමන් ලබාදෙන කාලය සහ අදහස් ලබාදුන්නේ ස්වේච්ඡාවෙන්. ඒ කරපු සාකච්ඡා හරහා ප්‍රධාන concept එක සඳහා අපි ප්‍රගතිශීලී යෝජනා කීපයක් ඉදිරිපත් කළා. අපේ යෝජනා ක්‍රියාත්මක වෙයිද නැද්ද දන්නැහැ. ඇත්තටම ඒවා ක්‍රියාත්මක නොවුනොත් Sri Lankan Day Concept එකට Attack කරන්නම හදාගත්ත අලුත් කණ්ඩායම්, ව්‍යාපාර වලට ඇත්තටම කරන්න දෙයක් නැතුව යනවා sure. ඒ කණ්ඩායම් වලට මතක ඇතිනෙ එයාලා අවුලවපු ජාතිවාදය නිවන්න අපි කරපු ‘No more July’ සහ ‘Red Festival’ කිහිපය.
ඉතිං, මගේ අලුත් චිත්‍රපටයෙ රූගත කිරීම් නොවැම්බර් 21 සිට දෙසැම්බර් 20 දක්වා තිස්සමහාරාමයේ පැවැත්වෙන නිසා ඔක්තෝබර් මාසයේ සිට Sri Lankan day සම්බන්ධයෙන් මගේ කාර්‍යය අවසන් කළා. සංස්කෘතික අමාත්‍යාංශය, ප්‍රධාන මෙහෙයුම් කමිටුව ඇතුලු කණ්ඩායමක් ඒ වැඩේ ඉදිරියට කරගෙන යනවා. මෙතන අක්‍රමිකතාවයක්, අවබාවිතාවක් සිද්ධ වෙනවා කියලා හිතෙන ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක පැමිණිල්ලක් දාන්න පුළුවන් සාධාරණ පරීක්ෂනයක් ඉල්ලලා. ඉතිං මං සම්බන්ධයෙන් මඩම අලෝ අලෝ කොච්චර දිග හෑලි ලිව්වත් Social Media සහා Fake Youtube Channel වලින් එහාට ඕවා යවන්න විදිහක් නැහැ කියලා මේ විපක්ෂෙ campaign එක කරන අය දැන් තේරුම් ගන්න ඕනෙ කාලෙ හරි. ජය වේවා…!”
2025 නොවැම්බර් 23, ප.ව. 4:23
2025 නොවැම්බර් 23, පෙ.ව. 12:12
2025 නොවැම්බර් 23, පෙ.ව. 12:10
2025 නොවැම්බර් 22, පෙ.ව. 12:19
2025 නොවැම්බර් 21, ප.ව. 3:41
24-11-25
24-11-25
23-11-25
23-11-25
23-11-25
23-11-25
23-11-25
23-11-25
23-11-25
23-11-25
23-11-25
23-11-25
23-11-25
23-11-25
23-11-25
23-11-25
22-11-25
22-11-25
22-11-25
22-11-25
22-11-25
22-11-25
21-11-25
21-11-25