2025 නොවැම්‍බර් 26, පෙ.ව. 12:44
අන්තර්ජාතික ක්‍රීඩා කික්බොක්සිං සංගමය (ISKA) ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා ජාතික අධ්‍යක්ෂවරයා ලෙස දයාන් සමරසේකර මහතා පත් කරයි
දයාන් සමරසේකර මහතා ශ්‍රී ලංකාවේ සටන් ක්‍රීඩාව දියුණුවට සහ නවීකරණයට දීර්ඝ කාලයක් පුරා ලබා දුන් දායකත්වය මෙන්ම දකුණු ආසියානු කලාපය පුරා සටන් ක්‍රීඩා වෘත්තීයකරණය කිරීම සඳහා ඔහුගේ දැක්ම මෙලෙස ඇගයීමට ලක්ව තිබෙනවා
මේ වනවිට KFL හි සම නිර්මාතෘ සහ සටන් ක්‍රීඩා අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන දයාන් සමරසේකර මහතා සමඟ එක්ව මෙරට තුළ සටන් ක්‍රීඩාව තවදුරටත් පුළුල් කිරීමට අවශ්‍ය සහාය ලබා දීමට ISKA ආයතනය අපේක්ෂා කරනවා.
අන්තර්ජාතික ක්‍රීඩා කික්බොක්සිං සංගමය (ISKA), 1986 දී ආරම්භ කරන ලද අතර, එය සටන් ක්‍රීඩා සහ තරඟකාරී සටන් කලා වර්ග විස්සකට අධික ප්‍රමාණයක් සඳහා වන ලෝකයේ වඩාත්ම පිළිගත් අනුමත කිරීමේ සහ නියාමන ආයතනය වේ.
එහි මූලික කැපවීම වන්නේ නිලධාරීන් පුහුණු කිරීම, නීති යාවත්කාලීන කිරීම සහ ලොව පුරා ප්‍රමිතිය, අඛණ්ඩතාව සහ වෘත්තීයභාවය පවත්වා ගනිමින් ශූරයින් සහ තරඟකරුවන් හඳුනා ගැනීමයි.
එය US OPEN ලෝක සටන් ශූරතාවලිය සහ GLORY වැනි ඉහළ පෙළේ ගෝලීය ඉසව් නියාමනය කරයි.
2025 නොවැම්‍බර් 26, පෙ.ව. 12:58
2025 නොවැම්‍බර් 25, පෙ.ව. 8:47
2025 නොවැම්‍බර් 25, පෙ.ව. 8:27
2025 නොවැම්‍බර් 22, ප.ව. 11:28
2025 නොවැම්‍බර් 21, ප.ව. 2:35