hit counter

2025 නොවැම්‍බර් මස 26 වන බදාදා

2025 නොවැම්‍බර් 27, පෙ.ව. 12:06



ප්‍රවීණ රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්, පසුගියදා තරමක් වෙනස් අත්දැකීමක් බෙදාගෙන තිබුණා.

ඒ, රූපවාහිනි වැඩසටහනකදී.

එහිදී ඇය සඳහන් කරනවා, තමන් විවාහ වෙන්න පෙර කළ රඟපෑම් කටයුතුවලදී පෙම්වතාගේ යම් යම් බලපෑම්වලට යටත්ව සිටි බව.

‘දිය සුළිය’ ටෙලි නාට්‍යයේදී එයාකාරයෙන් මුහුණදුන් සිදුවීමක්, ඇය මේ කතාවට නිදසුන් කරගෙන තිබුණා.

”මගේ ජීවිතය ගත්තොත් මං කරපු ඇක්ටිං ගත්තොත්, මං කරපු චරිතවලදි මට කවදාවත් කාගෙන්වත් බලපෑම් ආවෙ නෑ.
මං විවාහ වෙන්න පෙර මට ආවා. ඒ කියන්නෙ පෙම්වතාව අල්ලන්න බෑ. එතකොට…. කිස් එකක් දෙන්න බෑ.

මට තාම මතකයි ‘දිය සුළිය’ එකේදී මම පේර ගෙඩියක් කාලා, ඉතුරු ටික පාලිත කනවා. ඒක කරලා මම මගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ව හම්බුණු වෙලාවක මම ගුටි කාලා තියනවා.

ඒ කියන්නෙ ඇයි ඒ පේර ගෙඩිය දෙකට බෙදාගෙන කෑවෙ කියලා. මට තේරෙන්නෙ නෑ ඒක කියන්න. හරි අසරණ වෙන වෙලාවල් තියෙනවා.

තව මට තිබුණා මහේන්ද්‍ර අයියත් එක්ක අපි දෙන්නා එක ඇඳේ නිදාගෙන පොඩි ෆයිට් සීන් එකක්. එතනදි මම ඩිරෙක්ටර්ට බලපෑමක් කරනවා, මට එක ඇඳේ බුදියගෙන රඟපාන්න බෑ කියලා.

එතකොට ඩිරෙක්ටර් කොච්චර අසරණ වෙනවද.

අපිනෙ දන්නෙ විශාල සෙනඟක් මැද්දෙ ,ලයිට් කන්දරාවක් මැද්දෙ ඩයලොග්ස් මතක තියාගන්න ඕනි, අපි ඇක්ට් කරන්න ඕනි… සියලුම දේවලුත් එක්ක තමයි අපි රංගනයේ යෙදෙන්නෙ.

හැබැයි එතනදී යම්කිසි බලපෑමක් වෙනවා. එහෙම අසාධාරණකම් වෙලා තියෙනවා.

‘දූ දරුවො’ එකටත් මම ස්වාධීන නැති නිසා දීප්තිගෙ චරිතෙට අසාධාරණකම් වෙලා තියෙනවා.

මට තාම මතකයි බහු භාර්යා චිත්‍රපටයෙදි, ඒක හොඳ චරිතයක් නමුත් මම බැහැ කියනවා. මොකද මම ස්වාධීන නැති නිසා.

ඉතින් මම හිතනවා ගැහැණියකට විවාහ වෙලා නැති වුණත්, විවාහ වෙලා ඉන්න ස්වාමිපුරුෂයාගේ තේරුම් ගැනීම මත ඇත්තටම අපිට හොඳ ස්වාධීන ගමනක් යන්න පුළුවන් කියලා….”

කොහොම නමුත් ඉහත කතාබහ පිළිබඳව, තවත් යම් පැහැදිලි කිරීමක් නිල්මිණි තෙන්නකෝන් විසින් මෙලෙස කමෙන්ටුවක් ලෙස තබා තිබුණා.

”මට වැඩසටහනේ කියන්න බැරි වෙච්ච තව දෙයක්, ඒ මතකයන්වලට මං හරි ආදරෙයි.

මම ඒවා දිහා බැලුවේ හරිම ආදරෙන් ඒ මතකයන් සුන්දරයි. ඕනම කෙනෙක් හැම දෙයක්ම හරියට තේරුම් ගත්තොත් තමන්ගේ ගමන ලස්සනට යන්න පුළුවන්.

පෙම්වතා වෙන කෙනෙක් වෙන්න පුළුවන් විවාහ වෙන කෙනා වෙන කෙනෙක් වෙන්න පුළුවන්.

අපි හැමෝම මිනිස්සු අපිට තමයි හැමදේම වෙන්නේ.. මෙහෙම නොවුනා නං ජීවිතය විවිධත්වයක් නෑ.

අත්දැකීම් නෑ.. සාර්ථක මනුස්සයෙක්ගේ පිටිපස්සේ අත්දැකීම් රාශියයි.. හැම මතකයන් වලටම මම ආදරෙයි. ඕනෑම කෙනෙක්ට පෙම්වතෙක් ඉන්න කාලේ ජීවිතය සුන්දරයි.

නීති දාන කොට පොඩ්ඩක් ආසයි.. විවාහ ජීවිතයත් ගොඩක් සුන්දරයි.. ඒ මතකයන් මැරෙනකල් තියේ..
ජීවිතය හරිම සුන්දරයි.. අපි හැමෝම හැමදාම ජීවත් වෙන්න ඇවිල්ල නෑ…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: