hit counter

2025 නොවැම්‍බර් මස 28 වන සිකුරාදා

2025 නොවැම්‍බර් 29, පෙ.ව. 12:22



රටේ පවතින ආපදා තත්ත්වය ඉතා හොඳින් කළමනාකරණය කිරීමට ජාතික ජන බලවේග ආණ්ඩුවකට හැකියාව ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල පවසයි.

අයවැය විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, තමන් විපක්ෂයේ සිටියදී පවා, රතු තරුව බලකාය සමඟ එක්ව රටේ ආපදා තත්ත්වයන් කළමනාකරණය කිරීමට කටයුතු කර ඇති බව පෙන්වා දුන්නේය.

2004 වසරේ සුනාමි ව්‍යසනය පැමිණි අවස්ථාවේදී ද තම පක්ෂය මැදිහත් වූ ආකාරය හොඳින් දැකගත හැකි වූ බව ඔහු සිහිපත් කළේය.

ඒ අනුව, ජාතික ජන බලවේගය සතු රතු තරුව බලකාය වත්මන් ආපදා තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා ද කටයුතු කරන බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: