2025 දෙසැම්‍බර් 05, පෙ.ව. 8:44
ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායම අතර පැවැති දෙවැනි තුන්දින තරගයෙන් කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව තරග 2 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමට හැකියාව ලැබුණා.
බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 30.3 කදී සියලු දෙන දැවී ලකුණු 122යි.
ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 99.4 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 335යි.
රෙහාන් පීරිස් 182ක් ලබා ගත්තේය.

බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩඩායම දෙවැනි ඉනිම පන්දුවාර 106.1 කදී සියලු දෙනා දැවී ලකුණු 278 යි.
ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම දෙවැනි ඉනිම පන්දුවාර 10.2 කදී ඒක් කඩුල්ලක් දැවී ලකුණු 68යි.
2026 ජූලි 26, පෙ.ව. 10:17
2026 ජූලි 25, ප.ව. 10:40
2026 ජූලි 24, ප.ව. 7:48
2026 ජූලි 22, පෙ.ව. 8:24
2026 ජූලි 20, පෙ.ව. 4:21