hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2025 දෙසැම්‍බර් 05, ප.ව. 12:54



BRICS සංවිධානයේ රටවල් විසින් නව මුදල් ඒකකයක් හඳුන්වා දීම සඳහා නුදුරු අනාගතයේදී සූදානමක් නොමැති බව රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් පවසනවා.

ඉන්ඩියා ටුඩේ මාධ්‍ය ජාලයේ ආජ් තක් මාධ්‍ය ආයතනයේ අන්ජනා ඕම් කාශ්‍යප් සහ ඉන්ඩියා ටුඩේ හි ගීතා මෝහන් සමග ක්‍රෙම්ලිනයේදී කළ සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කරනවා.

ඩොලර් වෙනුවට විකල්ප ලෙස ජාතික මූල්‍ය ඒකක භාවිතා කිරීම ඉහළ ගොස් ඇතැයි පෙන්වා දෙන පුටින්, නව මුදල් ඒකකයක් හඳුන්වා දීම වඩා භාරදූර කාර්යයක් බව කියා සිටිනවා.

පුටින් පවසන්නේ යූරෝ මුදල් ඒකකය හඳුන්වා දීම සඳහා ද බොහෝ කල් ගත් බවයි. එසේ තිබියදීත් නියමිත පරිසාධන මට්ටමට ළඟා නොවූ රටවල් එයට ඇතුලත් කරගත්තේ නැතැයි ද ඔහු මතක් කර සිටියා.

BRICS යන නමින් බ්‍රසීලය​, රුසියාව​, ඉන්දියාව​, චීනය සහ දකුණු අප්‍රිකාව ඇඟවෙන අතර BRICS සංවිධානයට ඉහත කී රටවලට අමතරව ඉන්දුනීසියාව​, ඉතියෝපියාව​, ඉරානය​, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් යන රටවල් ද ඇතුලත් වනවා.