2025 දෙසැම්‍බර් 06, පෙ.ව. 12:13
‘DDLJ’ එහෙමත් නැත්නම් “දිල්වාලේ දුල්හානියා ලේ ජායේන්ගේ” (Dilwale Dulhania Le Jayenge – DDLJ) සිනමාපටය තිරගතවෙලා වසර 30ක්.
ඒ කියන්නෙ ඉන්දීය සිනමාවේ සදාතනික ආදර කතාවක් වූ රාජ් – සිම්රන් ආදර කතාටව තිස් වසරක්.
‘DDLJ’ කියන්නෙ හින්දි සිනමාවේ පුරාවෘත්තයක් හා සමාන සිනමාපටයක් කිව්වොත් හරි.
මේ සංවත්සර සැමරුම වෙනුවෙන් එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර Leicester චතුරස්‍රයේදී, රාජ් සහ සිම්රන් යුවළගේ රුව රැගත් ලෝකඩ ප්‍රතිමාවක් 04 වනදා නිරාවරණය කෙරුණා.
ඒ, රාජ් – සිම්රන් චරිතවලට පණ දුන් ශාරුක් – කාජොල් අතින්.
‘DDLJ’ ඉන්දියානු සිනමා ශාලාවල දීර්ඝතම කාලයක් තිරගත වූ සිනමාපටය හැටියට ඉතිහාසගත වූ සිනමාපටයක් ද වනවා.
Leicester චතුරස්‍රයේ විවෘත වූ ඉන්දීය චිත්‍රපටයකට අදාළ ප්‍රථම ලෝකඩ ප්‍රතිමාව වන්නේ ද මෙය වීම විශේෂයි.
මෙම ප්‍රතිමාව නිර්මාණයව ඇත්තේ චිත්‍රපටයේ අතිශය ජනප්‍රිය ගීතයක් වන “Mehndi Laga Ke Rakhna” හි ඔවුන්ගේ නර්තන ඉරියව්ව නිරූපණය වන ආකාරයට.
ඒ අනුව මෙම නව ප්‍රතිමාව, ලෙයිස්ටර් චතුරශ්‍රයේ දැනටමත් ස්ථාපිත කර ඇති Harry Potter, Mary Poppins, Batman වැනි ජාත්‍යන්තර සිනමාවේ සුප්‍රසිද්ධ චරිතවල ප්‍රතිමා අතරට එකතු වනු ඇති.
ප්‍රතිමාව විවෘත කරමින්, ෂාරුක් බීබීසී වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ ප්‍රතිමාව “ජීවමාන ප්‍රමාණයේ බෝනික්කෙකු” සේ පෙනෙන බව.
‘DDLJ’ හි දර්ශන ලන්ඩනයේ සහ යුරෝපයේ ද රූගත කර ඇති අතර, ලෙයිස්ටර් චතුරශ්‍රයත් චිත්‍රපටයේ දර්ශනයකට ඇතුළත්. එම ස්ථානයේම මෙම ප්‍රතිමාව නිරාවරණය කිරීම මෙම සිනමා නිර්මාණයට හිමි වූ සුවිශේෂී ගෞරවයක් හැටියට පෙන්වා දිය හැකියි.
2026 ජනවාරි 29, පෙ.ව. 12:13
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 28, පෙ.ව. 9:44
2026 ජනවාරි 28, පෙ.ව. 12:16
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26