hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2025 දෙසැම්‍බර් 07, ප.ව. 9:50



බටහිර අප්‍රිකාවේ බෙනින් රාජ්‍යයෙහි සිදුකෙරුණ හමුදා කුමන්ත්‍රණය අසාර්ථක වූ බව එරට අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා පවසනවා.

සිය ෆේස්බුක් පිටුවෙහි පළකරන ලද වීඩියෝවකින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

අද දින බෙනින් හි විශාලම නගරය වන කොටොනු හි වෙඩිතැබීම් සිදුවූ අතර ඉන්පසු හමුදා නිලධාරීන් කණ්ඩායමක් ජාතික රූපවාහිනිය ඔස්සේ පෙනී සිටිමින් තමන් බලය අල්ලාගත් බව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා පවසන්නේ එම කුමන්ත්‍රණකරුවන් රජයේ හමුදා විසින් පරාජය කරනු ලැබුණ බවයි.