2025 දෙසැම්‍බර් 08, ප.ව. 6:29
තායි ගුවන් හමුදාව විසින් කාම්බෝජ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව තායි හමුදාව අද නිවේදනය කළා.
තායිලන්තය පවසන්නේ කාම්බෝජය විසින් එල්ල කරන ප්‍රහාරයන් වැළැක්වීමට මෙම පියවර ගත් බවයි. කාම්බෝජය විසින් එල්ල කළ ප්‍රහාරවලින් තායි සෙබළකු මියගිය බවයි තායිලන්තය පවසන්නේ.
කෙසේ වෙතත් කාම්බෝජය විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් පවසන්නේ තායිලන්තය මුලින් තමන් වෙත පහර දුන් බවයි. නිරන්තරයෙන් තායි හමුදා තමන්ට පහර දුන් බවත් තමන් ඊට ප්‍රතිචාර නොදැක්වූ බවත් කාම්බෝජ යුධ හමුදාව පවසනවා.
තායි ප්‍රහාරවලින් කාම්බෝජ සෙබළුන් සිව් දෙනකු මියගිය බවයි කාම්බෝජය පවසන්නේ.
ඊයේ දිනයේ ද දෙපාර්ශවය අතර ගැටුම් වාර්තා වී තිබුණා. දේශසීමාව දෙපස ම ලක්ෂ තුනකට වැඩි පිරිසක් ගැටුම් හේතුවෙන් නිවාස අතැර පළාගොස් තිබෙන බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
තායිලන්තය සහ කාම්බෝජය අතර මැයි මාසයේ ද දේශසීමා ගැටුම් සිදුවූ අතර ජූලි මාසයේ දරුණු ගැටුම් ඇතිවුණා. පසුව තත්ත්වය සමථයකට පත්කරගනු ලැබුණේ කලාපීය රටවල මැදිහත්වීමෙන්. මැලේසියාවේ සහ ඇමරිකාවේ මැදිහත්වීම සහිතව ඔක්තෝබරයේදී දෙපාර්ශවය අතර ඉදිරි පියවර පිළිබඳ එකඟතාවයක් අත්සන් කෙරුණා.
2026 පෙබරවාරි 16, ප.ව. 2:32
2026 පෙබරවාරි 13, ප.ව. 10:08
2026 පෙබරවාරි 11, ප.ව. 2:43
2026 පෙබරවාරි 09, ප.ව. 4:16
2026 පෙබරවාරි 09, ප.ව. 4:04