2025 දෙසැම්‍බර් 10, පෙ.ව. 12:11
ආපදා හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව රැඳීසිටින සුරක්ෂා මධ්‍යස්ථානවල අක්ෂි රෝග ව්‍යාප්ත විය හැකි බව අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතන පවසයි.
එම විද්‍යායතනයේ සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක මහතා සඳහන් කළේ, නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම තුළින් එම තත්ත්වය වළක්වා ගත හැකි බවය.
එහිදී වැඩිදුර අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක මහතා,
“විශේෂයෙන්ම සුරක්ෂා කඳවුරුවල සමූහ වශයෙන් මිනිසුන් ගැවසෙන විට බෝවන රෝග ඇති වීමේ ප්‍රවණතාවය වැඩියි. ඇස් සම්බන්ධව කතා කළොත් ඇස් රතුවීමත් සමඟ. අපි ඒකට sore eyes කියනවා, conjunctivitis කියනවා. මේක ස්පර්ෂයෙන් වාතය සමඟ බෝවන රෝගයක්. ඒ වගේම මේක වේගයෙන් පැතිර යන්නට පුළුවන්. සමූහ වශයෙන් මිනිසුන් එක තැනකට කොටු වෙලා ඉන්නකොට මෙවැනි බෝවන රෝගවල ප්‍රවණතාවය වැඩියි. එබැවින් මෙම රෝගය යම්කිසි පුද්ගලයෙකුට හැඳුණොත්, නිතර අත්සේදීම, නිතර ඇස් ඇල්ලීමෙන් වැළකීම වගේ දේවල් ඉතාම වැදගත්. මොකද මේ රෝගය බෝ වෙන්න පටන් ගත්තොත් ඒක සමූහයටම බලපාන්න පුළුවන්. එහෙම වුණොත් අනවශ්‍ය සෞඛ්‍ය ප්‍රශ්නයක් දක්වා යන්න පුළුවන්”
2026 ජනවාරි 24, ප.ව. 1:55
2026 ජනවාරි 24, ප.ව. 1:52
2026 ජනවාරි 24, පෙ.ව. 12:25
2026 ජනවාරි 24, පෙ.ව. 12:17
2026 ජනවාරි 24, පෙ.ව. 12:13
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
22-01-26
22-01-26