hit counter

2026 සැප්‍තැම්‍බර් මස 04 වන සිකුරාදා

2025 දෙසැම්‍බර් 17, ප.ව. 12:12



රජයට රුපියල් ලක්ෂ 2250ක බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත ඊයේ (15) දන්වා සිටියා.

කෙටි කලකින් කෝටිපතිනියක් වුණේ යැයි කියන සම සුදුකරන ලොලියා නැමැති ආලේපන අලෙවි කරන ලෝලියා ස්කින් කෙයා පුද්ගලික සමාගමේ හිමිකාරිනි පියුමි හංසමාලි ගෝමස් නැමැති වගඋත්තරකාරියට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරිමට අදාළ නීතිපතිවරයාගේ උපදෙස් පතා ඇතැයිද දේශීය අදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා අධිකරණය වෙත දන්වා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: