2025 දෙසැම්‍බර් 18, පෙ.ව. 12:23
විවාහයෙන් වෙන්වීම ගැන ප්‍රසිද්ධියේම කතාබහ කරන ජනප්‍රිය තරු අතර, කාවිංග පෙරේරා ද එක් අයෙක්.
ගෙවුණු දවසකත් ඔහු ඒ ගැන කතාබහ කරලා තිබුණා.
එහිදී ඔහු නැවත නැවත කියූ කාරණාවක් තමයි, මේ වෙන්වීම තුළ අනෙක් පාර්ශ්වය වැරදි නොවන බවත් තමන් වැරදි බවත්…..
”විවාහයෙන් වෙන්වෙලා ඉන්නෙ. අවුරුදු 5කට කිට්ටුයි දැන්. විවාහ වෙලා හිටියා අවුරුදු 3කට කිට්ටු වෙන්න.
මම වැරදියි. මම වැරදියි කියන එක තමයි මට කියන්න තියෙන්නෙ.
එයා ඩොක්ටර් කෙනෙක්නෙ. මට කියන්න තේරෙන්නෙ නෑ.. හැබැයි එයා ගොඩක් හොඳ කෙනෙක්. මම වැරදියි…
මම සුබපතනවා එයාට. හොඳ අනාගතයක් තියෙන කෙනෙක්. මොකද එයා දොස්තර කෙනෙක් වෘත්තීමය. ඉතින් එයාට ජීවිතේ හොඳ කෙනෙක් හම්බවෙයි. මම වැරදියි, සමාවෙන්න ඒකට….”
තමන්ගේ විවාහය දෙදරා යාම ගැන එහෙම කියූ ඔහු, ආදරේ ගැනත් පොදුවේ මේ විදියට කතා කරලා තිබුණා.
”ආදරේ කියන්නෙ හැඟීමක්. අපිට කියන්න බෑ මෙහෙම ආදරේ කරන්න, මේක කරන්න, මේ විදියට ඉන්න කියලා කියන්න බෑනෙ. මොකද ඒ දේවල් දැනෙන විදියටනෙ කරන්නෙ.
වර්තමාන සමාජයේ ආදරේ කියන්නෙ භෞතික දේවල් මත පදනම් වෙච්ච ආදරයක්. ලැබෙන දෑවැද්ද, පදින වාහනය, රස්සාව වගේ දේවල් මත…
හස්බන්ඩ් කෙනෙක් වයිෆ් කෙනෙක්ගෙන් බලපොරොත්තු වෙන්නෙ ලව් එක, රෙස්පෙක්ට් එක. වයිෆ් හස්බන්ඩ්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ රැකවරණය.
සමහරවිට හොඳට තියන සම්බන්ධතා නැති වෙන්නෙ උද්දච්චකම, මහන්තත්තකම වගේ හේතු නිසා. ඒක හදන්නෙත් මේ සමාජයෙන්මයි. ප්‍රශ්න හදන්නෙම සමාජයෙන්….”
උපුටාගැනීම : Trending TV කතාබහක් ඇසුරින්
2026 සැප්‍තැම්‍බර් 11, ප.ව. 4:10
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:18
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:36
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26