hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2025 දෙසැම්‍බර් 17, ප.ව. 11:48



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඉන්දියා කණ්ඩායමේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරු වූ R.ශ්‍රීධර් පත් කර තිබේ.

ලබන වසරේ පෙබරවාරි මස ආරම්භ වීමට නියමිත T 20 ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් මෙම පත් කිරීම සිදුකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඔහු දෙසැම්බර් මස 11 වනදා සිට ලබන වසරේ මාර්තු මස 10 වනදා දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව තිබේ.

2014 වසරේ සිට 2021 වසර තෙක් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස R.ශ්‍රීධර් කටයුතු කර තිබෙනවා.