hit counter

2025 දෙසැම්‍බර් මස 19 වන සිකුරාදා

2025 දෙසැම්‍බර් 19, ප.ව. 2:41



යුක්‍රේනයට යුරෝපා සංගමයෙන් යූරෝ බිලියන 90 ක ණයක් ලබාදීමට අනුමත ව තිබෙනවා. මේ බව නිවේදනය කරන ලද්දේ ඊයේ දිනයේ යි.

යුක්‍රේනයට මූල ආධාර ලබාදීම පිළිබඳ ඊයේ යුරෝපා නායකයන් සහ යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සම්බන්ධ වූ සාකච්ඡාවක් පැවැත්වුණා. මෙහිදී සෙලෙන්ස්කි අවධාරණය කළේ එළඹෙන වසරේදී යුද්ධය දිගටම පවත්වාගෙන යෑමට පවා යුක්‍රේනයට මුදල් අවශ්‍ය බවයි.

යුරෝපා රටවල් කලක සිට සාකච්ඡා කරමින් සිටින කරුණක් වන්නේ යුරෝපයේ රුසියානු වත්කම් සිය භාරයට ගෙන එයින් යුක්‍රේනයට ණයක් ලබාදීමේ යෝජනාවයි. එහෙත් ඊට යුරෝපා සංගමය තුළින්ම විරෝධයක් මතුව තිබෙනවා.

මේ අනුව යුරෝපා සංගමය තම අයවැයෙන් යූරෝ බිලියන 90 ක ණයක් ලබාදීමට එකඟව තිබෙනවා. යුක්‍රේනය අනාගතයේදී රුසියාව විසින් ලබාදෙන වන්දියකින් එම ණය මුදල ගෙවිය යුතුයි. රුසියාවෙන් වන්දියක් නොලැබුණහොත් යුරෝපයේ රුසියානු වත්කම් අත්පත් කරගෙන එම මුදල පියවා ගැනීම යුරෝපයේ බලාපොරොත්තුවයි.

ඒ වනවිට යුරෝපයේ ඇති රුසියානු වත්කම් අත්පත් කරගැනීමේ ක්‍රමවේදයකට එකඟ විය හැකි යැයි යුරෝපා රටවල් බලාපොරොත්තු වනවා.