2025 දෙසැම්‍බර් 19, ප.ව. 10:38
2026 T20 ලෝක කුසලානය වෙනුවෙන් 25ක ශ්‍රී ලංකා මූලික සංචිතයක් නම් කර තිබේ.
මේ බව අද කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවැතුණු නව ක්‍රිකට් තේරීම් කමිටුව සහභාගි වු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසා සිටියේය.
T20 ලෝක කුසලානය වන තුරු ශ්‍රී ලංකා T 20 කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක පත් කිරීමට ද නව ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

මූලික සංචිතය සඳහා නිරෝෂන් දික්වැල්ල ,ටෙස්ට් නායක ධනංජය ද සිල්වා හා ට්‍රැවීන් මැතිව් කැඳවා තිබෙනවා.
මූලික සංචිතයේ දිනේෂ් චන්දිමාල් ,භානුක රාජපක්ෂ ,අසිත ප්‍රනාන්දු,විශේන් හැළඹගේ, චාමික කරුණාරත්න,කසුන් රාජිත හා බිනුර ප්‍රනාන්දුට ස්ථානයක් වෙන්ව නොතිබීම ද විශේෂත්වයකි.
25 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා මූලික සංචිතය පහත දැක්වේ.

මෙම ක්‍රීඩකයින් අතරින් එංගලන්ත හා පාකිස්ථාන T20 තරගාවලියට මෙන්ම T20 ලෝක කුසලානයේ අවසන් සංචිතයට ක්‍රීඩකයින් තෝරා ගැනීමට නියමිතව තිබේ.
2026 අප්‍රේල් 11, පෙ.ව. 10:39
2026 අප්‍රේල් 10, පෙ.ව. 12:58
2026 අප්‍රේල් 10, පෙ.ව. 12:50
2026 අප්‍රේල් 09, ප.ව. 2:47
2026 අප්‍රේල් 06, ප.ව. 8:18