2025 දෙසැම්‍බර් 21, ප.ව. 11:43
ගාසා තීරයෙහි සාම වැඩපිළිවෙලට අදාලව අන්තර්ජාතික ස්ථායීකරණ බලකායක් නිර්මාණය කිරීම සඳහා දයක වීමට පාකිස්ථානය අවධානය යොමුකර ඇතැයි වාර්තා වනවා.
මේ පිළිබඳ එරට උද්‍යෝගයක් දැක්වූ බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සඳහන් කළා.
කෙසේ වෙතත් එම කටයුත්ත සිදුවීමට පෙර පිළිතුරු දිය යුතු ප්‍රශ්න කිහිපයක් වන බව ද ඔහු කියා සිටියා.
එවැනි බලකායක් සතු බලතල සහ එහි ක්‍රියා පටිපාටිය පිළිබඳව ද කරුණු තීරණය කළ යුතුව තිබෙනවා.
ගාසා තීරයේ ගැටුම් නැවැත්වීමට සාම වැඩපිළිවෙලක් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් නොබෝදා හඳුන්වා දුන්නා. එහි මූලික අදියරේදී හමාස් සංවිධානය භාරයේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගනු ලැබුණා. ගාසා තීරය තාක්ෂණික මණ්ඩලයක පාලනයට පත් කිරීම සහ එහි ආරක්ෂාව තහවුරු කිරීමට අන්තර්ජාතික බලකායක් පිහිටුවීම සිදුවිය යුතුව තිබෙනවා.
පාකිස්ථානයේ ප්‍රකට ඉංග්‍රීසි පුවත්පතක් වන Dawn පුවත්පත නොබෝදා සඳහන් කළේ ඔවුන්ගේ ආරංචිමාර්ග අනුව එරට ගාසා තීරයේ අන්තර්ජාතික ස්ථායීකරණ බලකාය සඳහා 3,500 ක පිරිසක් ලබාදීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි.
පාකිස්ථානයට ජෝර්දානය වැනි මැදපෙරදිග ඇතැම් රටවල් සමග දිගු මිලිටරි සබඳතාවයක් තිබෙනවා. එමෙන්ම පාකිස්ථානයේ නිත්‍ය හමුදාවේ පිරිස් බලය ඉක්මවන හමුදාවක් කිසිදු අරාබි රටක නැහැ.
2025 දෙසැම්‍බර් 21, ප.ව. 11:59
2025 දෙසැම්‍බර් 19, ප.ව. 2:41
2025 දෙසැම්‍බර් 15, ප.ව. 11:59
2025 දෙසැම්‍බර් 14, ප.ව. 5:10
2025 දෙසැම්‍බර් 14, ප.ව. 2:58