hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2025 දෙසැම්‍බර් 21, ප.ව. 11:59



ඉන්දියාවේ ඔදීෂා ප්‍රාන්තයේ සම් බල්පූර් දිස්ත්‍රික්කයෙහි ගුවන් පථයක විභාගයක් පැවැත්වීමේ සිද්ධියක් පසුගියදා වාර්තා වුණා.

මෙම විභාගය දෙසැම්බර් 16 වනදා පවත්වන ලද්දක් වන අතර එය ජාතික මට්ටමේ මාධ්‍යවල අවධානයට යොමුවූයේ ඉන් දින කිහිපයකට පසුවයි.

ස්වදේශ ආරක්ෂක බලකායට (Home Guard) 187 දෙනකු බඳවාගැනීමට විභාගයක් පැවැත්වීමට නියමිතව තිබූ අතර එයට 8,000 ක් දෙනා අයැදුම් කර තිබුණා. එතරම් විශාල ප්‍රමාණයක් දෙනා බලාපොරොත්තු නොවූයෙන් බලධාරීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති අතර ඔවුන් යොදාගත් විසඳුම වූයේ විභාගය ගුවන් පථයක පැවැත්වීමයි.

මෙහිදී අයැදුම්කරුවන්ට මේස හෝ පුටු හෝ ලබා දී තිබුණේ නැහැ.

මෙම පුරප්පාඩු සඳහා අවම සුදුසුකම වූයේ පස්වන පන්තිය සමත් වීමයි. එහෙත් පාසැල් අධ්‍යාපනය සම්පූර්ණ කළ සහ උපාධි මට්ටමේ සුදුසුකම් ලැබූ අය පවා මෙම රැකියා සඳහා අයැදුම් කර තිබුණා.

ඉන්දියාවේ තරුණ ජනයා අතර විරැකියාව දැඩි අර්බුදයක් බවට පත්ව තිබෙනවා. රටේ විරැකියා අනුපාතය සියයට 10.2 ක් පමණ වේ යැයි සඳහන් වනවා.