2025 දෙසැම්‍බර් 22, ප.ව. 4:46
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරිය ඇතුළු රටවල් කිහිපයක අමෙරිකානු තානාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 30 දෙනෙකුට ආසන්න පිරිසක් යළි කැඳවීමට තීරණය කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 29ක අමෙරිකානු තානාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ ධුරකාලය ජනවාරි මාසයෙන් අවසන් වන බවට එරට රජය විසින් පසුගිය සතියේ ඔවුන් වෙත නිල දැනුම්දීමක් සිදුකර ඇත.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති සඳහා පූර්ණ සහය දක්වන පිරිස් සමඟ අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව වාර්තා වේ.
ට්‍රම්ප් පරිපාලනය විසින් අප්‍රිකානු රටවල් 13ක, ආසියානු රටවල් 06ක, යුරෝපා රටවල් 04ක, මැදපෙරදිග රටවල් 02ක සහ දකුණු හා මධ්‍යම ආසියානු රටවල් 02ක අමෙරිකානු තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මෙලෙස කැඳවා ඇත.
මෙම සියලුම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, හිටපු ජනාධිපති ජෝ බයිඩ්න් පරිපාලනය විසින් පත් කළ පිරිස් වන නමුත් ඔවුන්ට මේ දක්වා එම ධුරවල කටයුතු කිරීමට අවස්ථාව ලබාදී තිබුණේය.
2025 දෙසැම්‍බර් 22, ප.ව. 12:36
2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 11:53
2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 8:22
2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 8:16
2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:37
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
21-12-25
21-12-25
21-12-25
21-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25