hit counter

2025 දෙසැම්‍බර් මස 27 වන සෙනසුරාදා

2025 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:13



ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගෙන් පවසනපරිදි, සාමාන්‍ය ජනතාව භාවිතා කරන කුඩා වාහනවල මිල අඩුකිරීම සඳහා රජය අවධානය යොමු කළ යුතු බව ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔහු රජයෙන් ඉල්ලා සිටියේ එන්ජින් ධාරිතාව අඩු වාහනවල, විශේෂයෙන් 1000cc කාණ්ඩයේ Alto, Wagon R, Yaris, Hustler වැනි වාහනවල බද්ද අඩු කරන ලෙසය.

“සාමාන්‍ය Wagon R රථයකට ලක්ෂ 40ක පමණ බද්දක් වදිනවා. මේ වාහන පොඩි වාහනක්, මිලදී ගන්නේ සාමාන්‍ය මධ්‍යම පාන්තිකයන්. හොඳින් ඉන්ධන දමා ගමන් කළ හැකි වාහන ජනප්‍රිය කරවන්න ඕන,”

යැයි ඔහු සඳහන් කළේය. එමෙන්ම, පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වාහන අලෙවියේ දැඩි අඩුවක් ඇතිව ඇති බවද ඔහු පෙන්වාදී ඇත.

ඒ නිසා ආනයනික වාහන සඳහා වන කොන්දේසි ලිහිල් කිරීමටත්, ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් මස 3ක් සඳහා ආදායම් 3% දඩය ඉවත් කිරීමටත් රජයෙන් ඉල්ලීමක් කර සිටී.

“ආපදා නිසා මිනිසුන්ගේ ආර්ථික මට්ටම කඩාවැටිලා. අපට ඕඩර්ස් දීපු පාරිභෝගිකයින් දැන් වාහන මිලදී ගැනීමට බැරි තත්වයට පත් වීලා. ඒ නිසා මෙම 3% දඩය ඉවත් කරලා දෙන ලෙස රජයෙන් ඉල්ලනවා,”

යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: