hit counter

2026 සැප්‍තැම්‍බර් මස 05 වන සෙනසුරාදා

2025 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:06



ආණ්ඩුව දිනෙන් දින වළපල්ලට යන බවත් මොවුන්ට රට පාලනය කළ නොහැකි බව පැහැදිලිව පෙනෙන බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.

පහුගිය අවුරුද්දේ මල්පැල 159ක් ලෙස සිටි පිරිස දැන් මෙලෝ වැඩක් නැති වල් ගස්, ගොං ගස්, ලාඩප්ප ගස් සහ කටු පඳුරු ලෙස වැඩී ඇතැයි ද ඔහු ප්‍රකාශ කරයි.

වර්තමාන ඇමති මණ්ඩලය කිසිදු දැක්මක් හැකියාවක් නොමැති වැඩබැරි පිරිසක් නිසා කැබිනට් සංශෝධනයක් කර 159 දෙනා අතර රට ඉදිරියට ගෙන ගිය හැකි වැඩදායක එක පැලයක් හෝ ඇත්දැයි සොයා බලන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද නලීන් බණ්ඩාර සඳහන් කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: